නවතම පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

අසංක

අසංක

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පත් කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත එම වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (05) භාර දෙන ලදි.

ඒ අනුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දීමට කටයුතු කරනු ඇත.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස පහත සඳහන් සාමාජිකයන් පත් කර ඇත.

  1. ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා – හිටපු ලේකම්, මුදල් අමාත්‍යංශය,
  2. එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩො මහතා – හිටපු ලේකම්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ,
  3. ආචාර්ය සුසන්ත පෙරේරා මහතා – හිටපු අතිරේක සාමාන්‍යධිකාරී, ලංකා විදුලිබල මණ්ඩල,
  4. තිලාන් විජේසිංහ මහතා – හිටපු සභාපති, ආයෝජන මණ්ඩලය,
  5. සාලිය වික්‍රමසුරිය මහතා – සභාපති, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ අධ්‍යක්ෂ ජනරාල්, වරාය නගර ආර්ථික කොමිසම,
  6. ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා – හිටපු නීති උපදේශක, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම,
  7. නීතිඥ හර්ෂ ප්‍රනාන්දු – හිටපු ජේෂ්ඨ නීති නිලධාරී, නීතිපති දෙපාර්තමේන්තුව
  8. චන්දන විජේසිංහ – අධ්‍යක්ෂ ,විදුලිබල අමාත්‍යංශය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්