තුර්කියේ පැවැත්වෙන 2021 ආසියානු සවි එසවීමේ (Power Lifting ) ශූරතාවලියෙදී , රන්පදක්කම් 4ක් සමගින් කිලෝග්රෑම් 47 බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්රී ලංකාවේ ශෙනුකි දිශාල්යා සමත්වී ඇත .
එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් මෙලෙස සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද දිනාගැනීමට ඇය සමත්වී ඇත .
එම සුවිශේෂි ජයග්රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබ ඇත .
තුර්කි සවි එසවීමේ සම්මේලනයේ, සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර
රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24 සිට 30 දක්වා මෙම තරඟාවලිය තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වේ .