නවතම පුවත්

ලබන 01 වැනිදා තෙක් විදුලිය අඛණ්ඩව

Roshan

Roshan


අසංක නවරත්න

ලබන 31 දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර ලබා නොදෙන බව එම කොමිසම පැවසීය.

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මෙසේ ද කීය.

“ බලාගාර හා ඒ්වාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබද අපි දෛනිකව සමාලෝචනයක් කරනවා. එම සමාලෝචනවල ප්‍රථිඵල අනුවයි විදුලි කප්පාදුවක් කරන්න අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කරන්නේ. අපි පසුගිය අවස්ථා දෙකේදීම එළඹුණු නිගමනය වුණේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව සැපයුම ලබාදිය හැකි බව. අද(27) දිනයේදී අපි සමාලෝචනයක් කලා අද සිට 31 වන දා දක්වා තත්වය.

හෙට දිනයේ සවස් කාලයේදී ඉල්ලුම සපුරාලීමේදී මෙගා වොට් 30ක පමණ ධාරිතාවයක් නිසි විදියට කළමණාකරනය කරගන්න වෙනවා. ඉන් අනතුරුව එළඹෙන සති අන්තයේ විදුලි ඉල්ලුම අඩුවෙනවා. ඒ් නිසා 29 සහ 30 යන සති අන්තයේදී විදුලි කප්පාදුවක් අවශ්‍ය වෙන්නෙ නැ. අපි විදුලි පාරිභෝගිකයන්ගෙන් සහ ආයතනවලින් ඉල්ලාසිටිනවා විදුලිය අරපිරිමැස්මෙන් මේ කාල සීමාව තුල පාවිච්චිකර ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහයෝගය දක්වන ලෙසට”

විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සදහා ක්‍රමවේදයක් සැකසීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ් පිළිබද අදහස් පල කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“විදුලි ජනන යන්ත්‍ර හිමි රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සමග අපි සාකච්ඡා ආරම්භ කලා. මේ වන විට එවැනි කණ්ඩායම් දෙකක් සමග  කල සාකච්ඡා සාර්ථකව අවසන්. අපගේ යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මුල් අදියරේදී විදුලි හිගයක් පවතින විටදි ජනන යන්ත්‍ර හිමි ආයතන සිය විදුලි ඉල්ලුම එම ජනන යන්ත්‍රවලින් සපයාගැනීමට දිරිමත් කරනවා. එතකොට ජාතිත පද්ධතිය තුල විදුලි ඉල්ලුම අඩුවෙන නිසා හිග අවස්ථාවල ඉල්ලුම සපුරාලීම පහසු වෙනවා. මේ වැඩපිළිවෙලේ දෙවන අදියරේදී රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු ජනන යන්ත්‍ර ජාතික පද්ධතියට සම්බන්ධ කර විදුලිය හිග අවස්ථාවලදී ඒ්වායින් ජාතික පද්ධතියට විදුලිය ලබාගැනීම පිළිබද සොයාබලා තීරණයක් ගැනීමට නියමිතයි.”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි