නවතම පුවත්

ලාංකිකයන්ගේ සිරුරේ මහත 60%කින් ඉහළට

අසංක

අසංක

සියයට 10 ක් වූ රටේ ජනතාවගේ ස්ථූලතාවය සියයට 70 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කරයි.

මේ තත්වය මත බෝ නොවන රෝග වලට මුළු රටම ගොදුරුවන දිනය වැඩි ඈතක නොවන බව ද පාදෙණිය මහතා සදහන් කළේය.

වයස්ගත අයට වඩා වයස්ගත නොවන අය බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවනතාවක් දැන් දකින්නට ඇති බවද ඔහු සදහන් කරයි. මෙයට පස් වසරකට පෙර රිජ්වේ ආර්්‍යා ළමා රෝහලේ දියවැඩියා වෛද්‍ය සායනයට එක් දරුවෙක්වත් සහභාගි නොවුණත් දැන් වැඩි හිටි සායනවලට නොදැවෙනි ලෙස දරුවන් දියවැඩියා සායනවලට සහභාගිවන බව ද ඔහු පෙන්වා දෙන්නේය.

වයස අවුරුදු 12 ට අඩඩු දරුවන්ගෙන් ළමා රෝහලේ දියවැඩියා සායනය පිරී යන බවද ඔහු පෙන්වා දෙන්නේය. මේ තත්වය මත මව්වරුන්ට පෙර දරුවන් මිය යන තත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සදහන් කරයි.

මේ තත්වයට හේතුව ක්ෂික ආහාර වලට ජනතාව යොමු වීම බවත් දරුවන්ට දැන් ක්ෂණික ආහාර වෙනුවට රටට ආවේනික ආහාර රටාවක් පුරුදු කළ යුතු බවත් අනුරුද්ද පාදෙනිය මහතා සදහන් කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී