නවතම පුවත්

ලීසිං වාරික පොලී මාස 6කට අත්හිටුවයි – තවත් සහන රැසක්

අසංක

අසංක

කල්බදු ක්‍රමයට මිලදී ගෙන ඇති ත්‍රී රෝද රථ, යතුරු පැදි, මෝටර් රථ, වෑන් රථ , බස් රථ, ලොරි රථ ආදී සියළුම වාහනවලට අදාල ලීසින් වාරික පොලී ගෙවීම මාස 6 කට අත්හිටුවන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සදහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ඔහු පැවැසීය.

මහා බැංකුව ඒ සම්බන්ධයෙන් මූල්‍ය ආයතන සහ බැකුවලට මේ වන විටත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කර ඇති වත් මාර්තු 24 දා සිට ඉදිරියට මාස 06 ක් යන තුරු මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය.

මාණ්ඩලික නොවන රජයේ සේවකයින් සහ මාණ්ඩලික නොවන පෞද්ගලික සේවකයින් වැටුපෙන් කපාගන්නා ණය වාරික ගෙවීම් මැයි මාසයේ 30 වෙනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මාර්තු 23 වෙනිදා වන විට වැටුප් සකස් කිරීමේ ලේඛන භාණ්ඩාගාරයට ලැබි කලින්ම වැටුප් ගෙවා ඇති බැවින් රජයේ සේවකයින්ගේ වැටුප්වලින් ණය වාරික කපාගෙන ඇති බවත් එය නැවත පූර්ණ කිරීමට නොහැකි බවත් ඇමතිවරයා සදහන් කළේය.

එහෙත් අප්‍රේල් සහ මැයි මාසවල වැටුප්වලින් ණය වාරික කපා නොහැරෙන බව ඇමතිවරයා පැවැසීය.

බැංකු සහ මූල්‍ය ආයතවලින් ලබාගත් රුපියල් ලක්ෂ 10 අඩු පුද්ගලික ණය වාරික ගෙවීම් මාස තුනකට අත්හිටුවීමට කැබිනට් මන්ඩලය තීරණය කර තිබේ.

ඒ බව මහ බැංකුව ඔවුන්ගේ අධික්ෂණය යටතේ ඇති සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙතත් මූල්‍ය ආයතන වෙතත් දැනුම් දී තිබෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනවලින් ලබා ගත් ණය වාරික ගෙවීම් මෙයට අදාල නොවන බවත් අදාල වන්නේ මහ බැංකුවේ අධික්ෂණයේ ඇති ආයතනවලින් ණය ලබා ගැනීම් සම්බන්දයෙන් පමණක් වන බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

මෙම කාලයෙන් පසු සහයනයක් ලබාදීමට නොහැකි වනු ඇති බවත් බැංකු සහ මූල්‍ය ආයතනද රැකගැනීම රජයේ යුතු කමක් බවත් ඔහු පැවැසීය.

රුපියල් 50000 කට අඩු වටිනා කමක් ඇති ගණුදෙනු සිදුවන ක්‍රෙඩිට් කාඩ්පත් සදහා පොලී අනුපාතය සියයට 15 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මේ වන විට ක්‍රෙඩිඩ්කාඩ්පත් සදහා වාර්ෂික පොලී අනුපාතය සියයට 28 ක් පමණ ඉහළ අගයක් ගන්නා බවද ඔහු පැවැසීය.

එසේම ක්‍රෙඩිට්කාඩ්පත් සදහා මුදල් ගෙවීම් කල යුතුව ඇත්තේද මාසිකව ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් සියයට 50 ක මුදලක් පමණක් බවද ඇමතිවරයා පැවැසීය.

විදුලි බිල්පත්, ජල බිල්පත්, ආදායම් බලපත්‍ර, වරිපනම් ,වලට චෙක්පත් ගෙවීම් මේ වන විටත් ගෙවීම් කර නිසි ලෙස එම මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කළ නොහැකි වී ඇත්නම් ගෙවීම් වලංගු කාලය මැයි 30 වෙනිදා දක්වා වලංගු වන බවද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පොලිස් හා හමුදා සේවාලත් සෞඛ්‍ය අංශයේත් අග්‍රාහාර රකෂණයේ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.

සමෘද්ධි 10000 පොලී රහිත ණයක් සමෘද්ධි බැංකුවෙන් ලබාදීමට පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්