නවතම පුවත්

ලොවටම හිසරදයක් වූ ඊශ්‍රායල ඔත්තුකරුවා “පෙගසස්” !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායලයේ සමාගමක්  විසින් නිපදවූ  පෙගසස් ((Pegasus) නම්  ” ඔත්තු බැලීමේ ”  මෘදුකාංගය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇත.

ඊශ්‍රායලයේ ‘එන්.එස්.ඕ ගෲප්’ (NSO Group)  ලොව ප්‍රධාන පෙළේ තොරතුරු ආවේක්ෂණ එසේත් නැතිනම් ඔත්තු බැලීමේ කටයුතු සඳහා තාක්ෂණික සහාය සපයන පෞද්ගලික සමාගමක් වන අතර, ‘පේගසස්’ යනු එම සමාගම නිපදවා ඇති මෘදුකාංගයකි.

ලෝකයේ රටවල් රැසක රජයන්, බුද්ධි අංශ පමණක් නොව, පෞද්ගලික මට්ටමින් දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රධානීන් ආදිය ‘පෙගසස්’ මිලදී ගෙන එය භාවිතයට ගනිමින්, මාධ්‍යවේදින්, නීතීඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නායකයන් ආදින්ගැන රහසේ ඔත්තු බැලීම සිදු කරන බව මේ වනවිට අනාවරණය වී ඇත.

‘එන්.එස්.ඕ ගෲප්’ සමාගමට අනුව,නම් ඔවුන් ඔවුන්ගේ සේවාව ලබා දෙන්නේත්, ‘පෙගසස්’ මෘදුකාංගය අලෙවිය සිදු කරන්නේත් රජයන්ට සහ බුද්ධි අංශ සඳහා පමණි. නමුත් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය සහ පැරිසිය මූලස්ථාන කොටගත් Forbidden Stories නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් මෑතකදී කරන ලද විමර්ශනයකදී , මෙම මෘදුකාංගයේ ” සැඟවුණු පැතිකඩයන්” පිළිබඳව පමණක් නොව “සැඟවුණු අරමුණු”  පිළිබඳවද කරුණු රැසක් හෙළිදරව් විය .

මෙම විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් අල්ජසීරා , ගාඩියන් සහ ල මොන්ඩේ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් මේ වනවිට පෙගසිස් මෘදුකාංගයට එරෙහිව චෝදනා හා විවේචන රැසක් එල්ලකර ඇත .

ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ හෝ අනවශ්‍ය ඊ මේල් හරහා ‘පෙගසස්’ මෘදුකාංගය ජංගම දුරකතනයට ප්‍රවේශ වී, දුරකතනයේ හිමිකරුගේ සියලු දත්ත ලබා ගැනීම සිදු කරයි. ඔත්තු බැලීම් සිදුවන්නේ ඒ අනුවය.

අයිෆෝන් සහ ඇන්ද්‍රෝයිඩ් ස්මාර්ට් දුරකතනවලට පිවිසී එහි තිබෙන පණිවුඩ, ඡායාරූප සහ ඊමේල්, දුරකථන පණිවුඩ විස්තර, ලබාගැනීමට මෙන්ම දුරකතන සංවාද පටිගත කිරීමටත්, රහසිගත ලෙසින් දුරකථනයේ මයික්‍රොෆෝනය සහ කැමරාව ක්‍රියාකරවීමටත් එම මෘදුකාංගයට හැකියාව තිබේ.

 

Everything You Need to Know about the Pegasus Spyware - CloudSEK

 

මෙසේ රහසිගතව හා අනවසරයෙන් මෙම මෘදුකාංගය ඇතුලත් කර ඇති පුද්ගලයින් පිලිබඳ ලැයිස්තුවක්ද මේ වනවිට අනාවරණය වී ඇත.

ඒඑෆ්පී, සීඑන්එන්, නිව්යෝක් ටයිම්ස්, අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක මාධ්‍යවේදීන් 180 දෙනෙකුට අධික පිරිසකගේ අංක අදාළ ලැයිස්තුවේ තිබෙන බව පැවසේ.

ලොව පුරා රටවල් ගණනාවක රාජ්‍ය නායකයන්, අරාබි රටවල රජ පවුල්වල සාමාජිකයන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ද එම ලයිස්තුවේ වේ .

එපමණක් නොව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඉරාක ජනාධිපති බර්හාම් සාලී සහ මොරොක්කෝවේ හය වැනි මොහොමද් රජු එම රාජ්‍ය නායකයන් අතෙර් සිටින බව වාර්තාවේ. මෙම රාජ්‍ය නායකයන් ගැන ඔත්තු බැලීම් කළ පුද්ගලයන් කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු තවමත් ප්‍රසිද්ධියට පත් වී නැත.

සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසු ඔහු විවාහවීමට නියමිතව සිටි කාන්තාවගේ දුරකථනයේ අදාළ මෘදුකාංගය හමුවී තිබෙන අතර, 2017 සැප්තැම්බර් සහ 2018 අප්‍රේල් අතර කාලයේදී කශෝගී ගේ බිරිඳගේ දුරකතනයේ ද පෙගාසස් මෘදුකාංගය ස්ථාපිතව තිබූ බව හෙළිවී තිබේ.

Explained: What is Pegasus Spyware & How to Know If You Have Been Affected

 

මාධ්‍ය වාර්තාවන්ට අනුව , ලොව පුරා පෙගසස් මෘදුකාංගයෙන් ඔත්තු බැලීමට ලක් වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවයි

ඒ අතරින් බොහොමයක් අසර්බයිජානය, බහරේනය, හංගේරියාව, ඉන්දියාව, කසක්ස්තානය, මෙක්සිකෝව, මොරොක්කෝව, රුවන්ඩාව, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අංක බව හඳුනාගෙන තිබේ.

පෙගාසස් මෘදුකාංගය භාවිතා කර ඔත්තු බැලූ බවට චෝදනා එල්ලවන පිරිස අතර ඉන්දීය අගමැති මෝදී ඉදිරියෙන්ම සිටින්නෙකි .

, ලොව පුරා පෙගසස් මෘදුකාංගයෙන් ඔත්තු බැලීමට ලක් වූ පුද්ගලයින් පනස්දහසට ආසන්න පිරිසෙන් දහසකට අධික පිරිසක් ඉන්දියානුවන් වන බව වාර්තාවේ.

ඉන්දීය විපක්ෂ දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් හා ව්‍යාපාරිකයින්ගේ දුරකතන පෙගසස් මෘදුකාංගය ඔස්සේ මෙලෙස ” හැක්” කර ඇතැයි, රජය වෙත චෝදනා එල්ලවෙමින් පවතී

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ දුරකතනයද මෙසේ “හැක්” කර ඇති අතර , දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් ආරක්ෂක ප්‍රධානීන්, අධිකරණ නිලධාරීන් පිළිබඳ ඔත්තු බැලීම ද්‍රෝහී ක්‍රියාවක් පමණක් නොව සමාව දිය නොහැකි ජාතික ආරක්ෂාව අඩපණ කිරීමක් බවද රාහුල්ගේ , ඉන්දීය කොංග්‍රස් පක්ෂය , මෝදී වෙත චෝදනා කර ඇත .

ප්‍රංශයේ ‘ල මොන්ද්’ පුවත්පත පසුගිය දා වාර්තා කළේ, ඉන්දීය රජය සහ බුද්ධි අංශ එක් වී, නවදිල්ලියේ සිටින පාකිස්තාන, නේපාල, ඉරාන, දීන සහ ඇෆ්ගන් තානාපාති නිලධාරීන් ගැන ඔවුන්ගේ ජංගම දුරකතන ඔස්සේ ඔත්තු බැලීම් කළ බවය. දිගින් දිගටම චෝදනා එල්ල වීමට පටන් ගත්ත්ත්, අග්‍රාමාත්‍ය මෝදිගේ රජය හෝ ඉන්දීය බුද්ධි අංශ හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නොමැත.

‘ලා මොන්ද්’ පුවත්පත උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසා ඇත්තේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ ‘පෙගසස්’ මෘදුකාංග භාවිතයට ගනිමින්, ඉන්දීය රජය සහ එරට බුද්ධි අංශ, 2017 වසරේ සිට ඔත්තු බැලීම් සිදු කළ බවය. එම ඔත්තු බැලීම් ආරම්භ වී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායලයට ගොස් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙදන්යාහු හමුවීමෙන් පසුව යැයි ද ‘ද හින්දු’ පුවත්පත වැඩි දුරටත් පවසා ඇත.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන පරිදි , මෙම මෘදුකාංගය මිලදී ගෙන ජංගම දුරකත හරහා ඔත්තු බලන රටවල් අතර ඉන්දියාව, අසර්බයිජානය, බහරේන්, කසක්ස්ථාන්, මෙක්සිකෝ, මොරොක්කෝ, රුවන්ඩා, සෞදි අරාබිය, හංගේරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සිටි.

නමුත් එම මාධ්‍ය පවසන පරිදිම , මෙතෙක් සාක්‍ෂි සහිතව හෙළිවී නොමැති නමුත් , ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය වැනි ලොව බලවත් රටවල්ද ඇතුළුව තවත් රටවල් ගණනාවකම , බොහෝ කලක සිටම මෙම මෘදුකාංගය හෝ ඊට සමාන මෘදුකාංගයන් භාවිතා කෙරෙන බව නොරහසකි . ඒ අනුව රාජ්‍ය නායකයින් , මාධ්‍යවේදීන් , සමාජ ක්‍රියාකාරීන්ගේ පමණක් නොව , අන්තර්ජාලය භාවිතා කරන ඔබ අප සියලුදෙනාගේම පුද්ගලිකත්වයට පෙගසස් වෙතින් එල්ලවී ඇති තර්ජනය ඉමහත්ය . පෙගසස් වැනි “ඔත්තු බලන” මෘදුකාංග හරහා සිදුවෙමින් පවතින්නේ , ලෝක ඉතිහාසයේ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනයක් බවට , ජනතාවාදී සිවිල් සංවිධාන රැසක් චෝදනා නගමින් සිටින්නේද ඒ නිසාවෙනි .

 

(පැතුම් වික්‍රමරත්න)

[email protected]

075-8336253

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්