නවතම පුවත්

ලොව මීළග බලවත් 100 අතරට ලංකාවේ ජයත්මා

අසංක

අසංක

අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායිකාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් ඇතුළත් කර තිබේ.

මේවන විට ඇය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඇයගේ කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

ජයත්මා වික්‍රමනායක මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් යොදා තිබුණේ මේ අයුරිනි.

‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා , විසාකා එකට ගිහින් , කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා , 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා, අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතමණ්ඩලයේ නියෝජිතයෙක් විදිහට වැඩ කරන්න, අනාගතයේ ලොව බලවත් වේ යැයි අමෙරිකාවේ TIME අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්”.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි