නවතම පුවත්

ලෝකයක් වන්දි ගෙවන අමෙරිකාව ගැන සදාම්ගේ මිනිබිරිය කියූ කතාව

අසංක

අසංක

හිටපු ඉරාක ජනපති සදාම් හුසේන්ගේ මිනිබිරිය වන හරීර් හුසේන් කමේල් ජීවත් වෙන්නේ ජෝර්දානයේයි. කැනේඩියානු විශ්ව විද්‍යාල උපාධියක් ලබාගත් ඇය පවුලේ අය සමග එහි ජීවත් වන්නීය. හරීර් සදාම් හුසේන්ගේ 15 වැනි මිනිබිරියයි. සිය පවුලේ මතකයන් අකුරු කර පොත් තුළ ගබඩා කරන ඇය විටෙක ලේඛිකාවකි.

කෙසේවෙතත් ඇයගේ ජීවිතය හැමවිටම නිසංසල, සාමකාමී වූවක් නොවූ බව ඇය හෙළිදරව් කරන්නීය.

ඉරාකයේ මතක

32 හැවිරිදි ඇය ඇතැම් තොරතුරු මාධ්‍ය සමග බෙදාගත්තේ ය. 2003 වසරේදී ‘භයංකර සීතල’ රැයක් ගැන ඇය හෙළිකළාය. ඒ ඇය පවුලේ අයත් සමග යුද්ධයෙන් විනාශ වූ ඉරාකයෙන් පලා ගිය රාත‍්‍රියයි.

’‘අපි හිටියේ මොසූල්වල. මගේ අම්මා රාගාද්, නැන්දා රානා (සදාම්ගේ දෙවැනි දියණිය) දරුවෝ ටිකත් අරගෙන වහාම සිරියාවට පිටත් වුණා. අපි දේශසීමාව පසුකරන්නට ගියේ පයින්. සිරියානු දේශසීමාවේදී ආරක්ෂකයන් වෙඩි තියන්නට පටන් ගත්තා. ඒක ඇත්තෙන්ම හරිම භයංකර මොහොතක්. වාසනාවට කාටවත් තුවාල වුණේ නෑ.’’ හරීර් සිහිපත් කළාය. ජෝර්දානයට යාමට පෙර ඔවුන් දින කිහිපයක් සිරියාවේ රැදී සිටි අතර ජෝර්දානයට පැමිණෙන ලෙසට ආරාධනා ලැබූ පසු ඔවුහු එරටට සංක‍්‍රමණය වූහ.

අමෙරිකානු ජීවන වෘත්තියකට හිමිකම් කීමට ඉඩ ලැබුණු පසු ඇය සිහිපත් කළේ නව ඉරාක පාලනය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ ආකාරයයි. සරණාගතයන් විදේශීය ගුවන් ගමන් බලපත් ලබාගත හැකි බැවින් මෙම තහනම නිකුත් කර ඇති අතර බොහොමයක් පවුල් පලා ගියේ කිසිදු ලියවිල්ලක් හෝ නොමැතිවයි.

‘‘අපිට ජෝර්දානයෙන් සහ කටාරයෙන් හොද පිළිගැනීමක් ලැබුණා. ආගන්තුක සත්කාරයෙනුත් අඩුවක් වුණේ නෑ. ගුවන් ගමන් බලපත්, නවාතැන් වගේම මුදල් අතිනුත් බොහෝසෙයින් සහය වුණා.’’ හරීර් එසේ කියන්නීය. එකල බොහෝ පවුල් ක‍්‍රමයෙන් ජෝර්දානයට පලා ගොස් එහි ජීවත් වූ බව හරීර් පවසා තිබේ. තමන් වැනි විවාහක අය හැර සෙසු අය විදේශයන්හි අධ්‍යාපනයට පවා ගිය බව ඇය කියා සිටියි. ඇයගේ පවුලේ බාලයන්ට සැමදෙනාම පාහේ උනන්දු කළේ ද ඒ සදහා බව ඇය පවසන්නීය.

හරීර්ට සෑමදෙයක්ම පාහේ හොදින් මතක ය. ඇය කුඩා දැරියකව සිටි සමයේදී ඇයගේ සීයාගේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගැන තම පවුලේ අය ද ඉතාම අවධානයෙන් සිටි දෙයක් බව ඇය පවසයි. එම කාලය ‘ඇත්තටම අමාරු කාලයක්’ ලෙස ඇය සිහිපත් කරන්නීය. ‘ඔහු එකම විටෙක අපගේ ජනාධිපතිවරයාත්, සීයාත්, අපගේ වීරයාත් වුණා’ හරීර් කිව්වේ වේදනාබර හඩකිනි.

‘‘මම හිතනවා මේ විකාශනයෙන් නියම සදාම් හුසේන් කියන්නේ කවුද කියලා ලෝකයටම කියන වග. බොහෝදෙනාට තියෙන්නේ ඔහු ගැන වැරදි අවබෝධයක්. හැමදෙනාම ඔහු දැක්කේ අධිකරණයේ දී කියපු විදියට මිසක් අපගේ පවුලේ අය ඔහු හැදිනගෙන සිටි ආකාරයට නොවේ’’ ඇය පවසයි.

ඉරාකයේ ඇගේ සුන්දර මතක පිළිබද විමසූවිට ඇය කියූවේ ඉරාකය හැමඅතින්ම හොද බවය. ඇය තවමත් ඇයගේ නිවසේ සිට පැසල තෙක් වැටී ඇති මංමාවත්වල සිදුවූ දේ, ඇගේ පාසල, වටපිටාවේ සුන්දරත්වය යන මතකයන් ප‍්‍රවේශම් කොට තබාගන්නී ය. ඇයගේ ඉරාක ජීවිතයේ අතීතයේ මතකයන් හැරුණු කොට සෙසු බොහෝසෙයින් අමතක කළ බව ද ඇය කියන්නීය.

‘‘මම එද්දී කිසිදෙයක් ගෙනාවේ නෑ. කලිසම් දෙකකුයි ටී ෂර්ට් දෙකකුයි විතරමයි ගෙනාවේ’’ ඇය පවසයි. ජෝර්දානියයකු ලෙස අලුත් ජීවිතයක් සරණාගතයන් ලෙස ජෝර්දානයේ පදිංචිවීමට ඇයගේ පවුලට හැකිවුවද ඒ ජීවිතය ද පීඩාවන්ගෙන් තොරවූවක් නම් නොවීය.

‘‘අපිට සෑහෙන තර්ජන තිබුණා. විශේෂයෙන්ම මගේ අම්මට. ඒ නිසයි අපිට එළියට යන එක තහනම් වුණේ. අපි සාමාන්‍ය ජීවිතයක් ගතකළේ ඒකයි.’’ හරීර් කියාසිටියේ චෝදනා මුඛයෙනි. ජෝර්දාන මිනිසුන්ගේ, ආදරය, ගෞරවය, මානුෂීය ආකල්ප හා රැුකබලාගැනීම අන් සියල්ලටම වඩා වැඩියි. අතීතයේ විදි දුක් අමතක කරන්න සහය දුන්නා.

‘‘රජය අපිට ලියකියවිලි, බද්ධ නිවාසයක්, මාසික දීමනාවක්, හොද ආරක්ෂාවක් ලබාදුන්නා.’‘ ඇය කීවේ ඉරාකයේ සිටි මිතුරන් ගැන පවසන පරිදි ය. මෙහිදී ඇයට ආර්ථික විද්‍යාව පිළිබද ජෝර්දානයේ පිහිටි කැනේඩියානු විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් හිමිවේ.

ඇය පවසන පරිදි ජෝර්දානය තුළ ගැහැණියකගේ ජීවිතය ද ලොව පුරා සිටින මිලියන ගණනකගේ ජීවිත හා සමානය. උපාධියෙන් පසුව ඇය පවුල ගැන බලාගැනීමට තීරණය කළාය. නමුත් ඇය වැඩි වශයෙන් ඇලුම් කළේ කියවීටත් ලිවීමටත් ය. ඇය තම පවුලේ ඉරාක මතකයන් පිළිබද පොතක් පළකළේ සිය පෞද්ගලික වියදමිනි. එය ‘සදාම්ගේ මිනිබිරිය’ නම් විය.

අනාගතය ගැන හරීර්ගේ සිහිනය

අමෙරිකාව තෝරාගැනීමට හේතුව කුමක්ද යන පැනයට ඇයගේ පිළිතුර වූයේ, ‘මුළුමහත් ලෝකයක් දකිනවා අමෙරිකාවේ ජීවත්වුණාම ලැබෙන ප‍්‍රතිඵල. තමන් වෙනුවෙන් ඒ දේ කරන ගොඩක් අයට ඒක දැනෙනවා. ඉරාකය සහ ලෝකයම ඒකට ගොඩක් වන්දි ගෙවනවා.’’ ඇය කියන්නීය. ඇයට අවශ්‍යව ඇත්තේ අමෙරිකානුවන්ට යමක් දැනවීමට ය. ඒ ‘‘ඔවුන් කඩාබිද දැමූ දේ යළිත් යථාතත්වයට පත්කළ යුතු බව…’’ ඒත්තු ගැන්වීමට ය.

ඇය බොහෝසෙයින් සංචාරයේ යන්නීය. ඇය බෙහෙවින් කැමති රුසියාවේ යන්නටය. ව්ලැද්මීර් පුටින් ජනපති ධුරයට පත්වූ පසුව සංවර්ධනය ඉතා වේගවත් බවත් ජපානයේ සහ ආසියාවේ බොහෝ රටවලත් තත්වය එයම වන බව ඇයගේ අදහසයි.

කෙසේවෙතත් ඇයගේ ලොකුම සිහිනය වන්නේ හිතවතුන් සමග මව්බිමේ කේන්ද‍්‍රගත වන්නට ය. ‘‘මගේ දකිනවා සිහිනයක්. මුස්ලිම්, කි‍්‍රස්තියානි සහ සෙසු ආගම්වල අය එකට ජීවත් වන ඉරාකයක් ගැන සිහිනයක්. හැමදෙනාටම සමාන අයිතිවාසිකම් ඇති සාමයෙන් විසිය හැකි ඉරාකයක්. ඉරාකය ගොඩක් දුක්වින්දා. හැමදේම හො`දින් සිදුවීමට දැන් සුදුසුම කාලයයි.’’ ඇය සංවේදී වෙයි. ‘‘නින්දිත වෙන්කිරීම්වලටත් වෛරයටත් දැන් තිත තැබිය යුතුයි. ඉරාකය දැන් ඒකාත්මික විය යුතුයි.’’

‘මේක හීනයක් නෙවෙයි’ ඇය අවධාරණය කරන්නීය. ‘සියවස් ගණනක් පෙර සිටි අන්දමට ජීවත්වෙන්න ඔ්න’. ‘අපි යථාතත්වයට පත්වෙන්න ඔ්න. අපිට අවශ්‍ය එයයි’. සදාම් හුසේන්ගේ මිනිබිරිය එසේ පවසන්නීය.

මූලාශ‍්‍ර – ස්පුටිනික් ඇසුරිනි
පරිවර්තනය- ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි