නවතම පුවත්

ලෝකයටම අනතුරු ඇගවීමක්: සාගර ජල මට්ටම හදිසියේම ඉහළට

අසංක

අසංක

ලොව පුරා වෙරළාශ්‍රිතව ජීවත්වන ජනතාවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවීමක් කර තිබේ. ඒ ග්‍රීන්ලන්තයේ ඝන අයිස් තට්ටුවලින් ටොන් බිලියන 12ක් දිනකට දියවීම නිසා එම ජලය සාගරයට එක්වීම නිසා සාගර ජල මට්ටම හදිසියේ ඉහළ යා හැකි බවට අනතුරු අගවමිනි.

පසුගිය සතියේ යුරෝපයේ හදිසියේ ඇතිවූ අධික උණුසුම ග්‍රීන්ලන්තයට ද බලපෑමට පටන් ගැනීම නිසා එරට ඝන අයිස් තට්ටු පෙර නොවූ විරූ වේගයකින් දියවීමට පටන්ගෙන තිබේ.

සාගර ජල මට්ටම අඩු වැඩි වීම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන රට ද ග්‍රීන්ලන්තයයි.

කෙසේවෙතත් ග්‍රීන්ලන්තයට මෙවර බලපා ඇත්තේ ඉතිහාසයේ කිසිදිනෙක බලනොපෑ තරමේ දැඩි උෂ්ණත්වයක් බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසයි.

2012 වසරේදී එරට ඝන අයිස්තට්ටුවලින් 97%ක් දියවී ගියේ ද අධික උණුසුම නිසයි.

මේ සතිය තුළ පමණක් ග්‍රීන්ලන්තයේ මතුපිට ඇති අයිස් තට්ටුවලින් 60%ක් පමණ දැනටමත් දියවී තිබෙන බව කාලගුණ විද්‍යාඥයෝ සදහන් කරති.

එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 25ක් 30ක් පමණ වැඩියෙන් මේ වනවිට ග්‍රීන්ලන්තය උණුසුම් වී ඇත.

කාලගුණ විද්‍යාඥ ලූක් ට්‍රසල් පෙන්වා දෙන්නේ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු ටොන් බිලියන 12ක් දියවී සාගරයට එක්වීම ඔලිම්පික් පිහිනුම් තටාක මිලියන 4ක ජලය හා සමාන බව පැවසේ.

එනිසා දැවැන්ත ජල කදක් සාගර ජල මට්ටම ඉහළ දමනු ඇති බවත් වෙරළාසන්න ජනතාවගේ දේපළ හානි සිදුකිරීමට තරම් බලපෑමක් එල්ල විය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසත් ය.

මෙම ජල කද මුහුදට එක්වීම ලොව පුරා සාගර ආශ්‍රිතව වෙසෙන්නන්ට අතිශය අවදානම් බව සිහිතබාගත යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

ග්‍රීන්ලන්තයේ මතුපිට දැනට ඉතිරිව ඇති අයිස් තට්ටු ද දියවී ගියහොත් ලෝක සාගර ජල මට්ටම අඩි 20කින් ඉහළ යන බවට ද කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ සතියේ ග්‍රීන්ලන්තයේ දියවූ අයිස් නිසා ලෝක සාගර ජල මට්ටම මිලිමීටර් 0.5කින් දැනටමත් ඉහළ ගොස් ඇත. දින කිහිපයක් තුළ සිදුවූ සාගර ජල මට්ටම මෙලෙස ඉහළ යාම කිසිසේත් හුදෙකලා සිද්ධියක් ලෙස සැළකිය නොහැකි බවට ඔවුහු අනතුරු අගවති.

ඉදිරි වසර 30 පුරා හදිසියේම වරින් වර අගල් කිහිපයකින් වුවද සාගර ජල මට්ටම ඉහළ යාමේ සිදුවීම් නිරන්තරයෙන් සිදුවිය හැකි බව ද ඔවුහු පවසති.

ජුනි මාසයේදී ග්‍රීන්ලන්තයේ අයිස් ටොන් බිලියන 80ක් අහිමි වී තිබුණි. එරට ජාතික හිම දත්ත මධ්‍යස්ථානයට අනුව ජුලි මාසයේදී අයිස් තට්ටු බිලියන 160ක් දියවී ගොස් තිබුණි. මේ සතියේ පමණක් අයිස් තට්ටු ටොන් බිලියන 50ක් මුහුදට එක්වී ඇතැයි එම මධ්‍යස්ථානය හෙළිකර තිබේ.

පසුගිය බදාදා වනවිට නාසා ආයතනයේ චන්ද්‍රිකාවක ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම සටහන්ව තිබූ අයුරු
පසුගිය සතියේදී ග්‍රීන්ලන්තයේ ඝන අයිස් තට්ටු දියවෙමින් සාගරයේ පාවෙන අයුරු

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්