නවතම පුවත්

ලෝක බලවතාත් සිරවුණු සිසු ණය බර අර්බුදය

අසංක

අසංක

2019 වසර යනු අමෙරිකානුවන් පෙර කවරදාටත් වඩා ශිෂ්‍ය ණය බරින් දැවෙන වසරකි.

මේ වසරේදී නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව ඇමෙරිකානු ශිෂ්‍යයන් විසින් දැනට ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.56කි. මිලියන 45ක පමණ අමෙරිකානුවන් අතර එය බෙදී ගොස් තිබේ.

ඛේදවාචකය නම්, මෙම ශිෂ්‍ය ණය බර අමෙරිකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය මුදලට වඩා ඩොලර්බිලියන 521කින් වැඩි වීමයි.
මෙය අමෙරිකාව මුහුණදෙන අතිශය දැවැන්ත ණය අර්බුදයක් බවටත් එය එරට ආර්ථිකයට පවා කම්පනයක් එක්කරනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

ණය ලබාගත් මුළු සිසුන්ගෙන් 11.5%ක් දෙනා දින 90ක් ගෙවීම් ප‍්‍රමාදවීම් හෝ පැහැර හැරීමේ ලැයිස්තුවට ඇතුළත් වූ අයයි.
ණය ලබාගත් සිසවකුගේ සාමාන්‍ය මාසික වාරිකය (ප‍්‍රමාද ගාස්තු නොමැතිව) ඩොලර් 393කි.
2017 වනවිට 65%ක්ම ජ්‍යෙෂ්ඨ උපාධිධාරීන් වන අතර ඔවුන් ලාබනොලබන විද්‍යාවලින් හෝ රජයේ විද්‍යාලවලින් පැමිණෙන අයයි.

රජයේ හෝ ලාබ නොලබන විද්‍යාලවලින් පැමිණි උපාධිය ලබාගැනීමේදී ගත් ඩොලර් 28,650ක ණය මුදල ලබාගන්නා ප‍්‍රතිශතය 2016 සිට 2017 වසර වනවිට 1%කින් ඉහළ ගොස් තිබේ.

රජයේ විද්‍යාලවලින් පැමිණි උපාධිධාරීන් 66%ක් ශිෂ්‍ය ණය මුදල ලබාගෙන ඇත. (සාමාන්‍යය ඩො.25,660)
පෞද්ගලික ලාබනොලබන විද්‍යාවලින් පැමිණි උපාධිධාරීහු 75%ක් ශිෂ්‍ය ණයට හිමිකම් කියති. (ණය සාමාන්‍යය ඩො.32,300)
ලාබ ලබන විද්‍යාලවලින් පැමිණි උපාධිධාරීන්ගේ ප‍්‍රතිශතය 88%කි. (ණය සාමාන්‍යය ඩො.39,950)

කෙසේවෙතත් පසුගිය දශක දෙකක කාලය සසදා බැලීමේදී විද්‍යාල මගින් අයකරගන්නා මුදල බොහෝසෙයින් පහත බැස ඇති අතර රටේ ආර්ථික ත්තත්වයට සමගාමීව එහි අඩුම අගය වාර්තා කර ඇත්තේ පසුගිය වසරේදීය.

උපාධි අධ්‍යයන කාලයේදී ණය ලබාගත් 15%ක් පෞද්ගලික අයදුම්කරුවන් ය.

2012 වසරේදී සමස්ත ශිෂ්‍ය ණය ප‍්‍රමාණයෙන් 40% දෙනකු පමණ එම ණය මුදල් යොදවා තිබුණේ වාණිජමය සහ වෘත්තීමය උපාධි ස`දහායි.

උපාධිය අනුව උපාධි අපේක්ෂක සහ උපාධිධාරීන්ගේ ශිෂ්‍ය ණය
x වාණිජවේදී – ඩොලර් 42,000 ( උපාධිධාරීන් 11%)
x අධ්‍යාපන ශාස්ත‍්‍රවේදී – ඩොලර් 50,879 ( උපාධිධාරීන් 16%)
x විද්‍යාවේදී – ඩොලර් 50,400 (උපාධිධාරීන් 18%)
x ශාස්ත‍්‍රවේදී – ඩොලර් 58,539 (උපාධිධාරීන් 8%)
x නීති – ඩොලර් 140,616 (උපාධිධාරීන් 4%)
x වෛද්‍ය විද්‍යා සහ සෞඛ්‍ය සේවා – ඩොලර් 161,772 (උපාධිධාරීන් 5%)
x සෙසු විශේෂවේදී උපාධි – ඩොලර් 55,489 (උපාධිධාරීන් 15%)

ණය ගෙවීම පැහැර හරින්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගියද අමෙරිකාව තුළ විරැකියා අනුපාතය සියයට 4කටත් වඩා අඩුය.

එමගින් පෙනෙන කරුණක් ලෙස බ්ලූම්බර්ග් සේවය අනුමාන කරන්නේ අමෙරිකාව තුළ විරැකියා තත්වය අඩුවුවත් රැකියා නියුක්තිකයන්ට ප‍්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මෙලෙස ණය ගෙවීම් පැහැර හැරීමට තුඩු දී ඇති බවය.

පරිවර්තනය – ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි
මූලාශ‍්‍ර – ‘බ්ලූම්බර්ග්’ සහ ‘ස්ටුඩන්ට් ලෝන් හීරෝ’ ඇසුරිනි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි