නවතම පුවත්

ලෝක සංචාරක දිනය වෙනුවෙන් ජාතික වැඩසටහන් මාලාවක්

අසංක

අසංක

ලෝක සංචාරක දිනය සැමරීම නිමිත්තෙන් මෙරටදී පවත්වන ජාතික වැඩසටහන් මාලාව හෙට (27) දින කොළඹ , බෙන්තොට හා ආරුගම්බේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භවේ .

සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ මගපෙන්වීමෙන් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රමුඛ අනෙකුත් ශී‍්‍ර ලංකා සංචරණ ආයතන සියල්ලන්ගේ සාමූහිකත්වයෙන් මේම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.

සංචාරක දින නිල සැමරුම සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ මූලිකත්වයෙන් හා ශි‍්‍ර ලංකා සංචරණ ආයතන සියල්ලන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 27 දින කොළඹ ආකේඞ් පරිශ‍්‍රයේදී පැවැත්වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සංචාරක ප‍්‍රදර්ශනයකින් සහ රැකියා පොළකින් යුක්ත වන අතර, මෙය නැරඹීමට පැමිණෙන මහජනතාවට විවිධ පළාත්වලට ආවේනික වූ ආහාර රසවීදීමටත්, විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

එසේම මීට සමගාමීව ආරුගම්බේ ප්‍රදේශයේ ලෝක සර්ෆින් ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වෙන අතර එය 29 දින තෙක් පැවැත්වේ. එසේම බෙන්තොට ජාතික නිවාඩු නිකේතනයට අයත් අලුත්වැඩියා කරන ලද කාර්යාලය විවෘත කිරීම එහි සාප්පු සංකීරණයක් සහ සුලංකා බංගලාව විවෘත කිරීමද හෙට 27 දින සිදුකෙරේ .

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් පවත්වන එහි ප‍්‍රධාන උළෙල ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සමරනු ලබයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි