කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මරණයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ මොහොතේ 34,000 ඉක්මවා ඇත.
ඒ අනුව මෙතෙක් පුද්ගලයන් 34,018 ක් මෙමම වෛරසය හේතුවෙන් මියගොස් ඇත.
මියගිය පුද්ගලයන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර සමස්ත මරණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් යුරෝපා රටවලට අයත් වේ.
මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය 723,700 කි. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 140,025 කි. මීට අමතරව ඉතාලියෙන් ආසාදිතයන් 97,689 ක් හා ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 80,110 ක් වාර්තා වේ.