නවතම පුවත්

වත්මන් කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මත්පැන් බලපත් දී නෑ – රජය

අසංක

අසංක

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4910 ක් තිබෙන අතර, ඉන් සිල්ලර අලෙවිසැල් 1100 ක් හා හෝටල් මත්පැන් බලපත්‍ර 1567 ක්ද , ආපනශාලා බලපත්‍ර 554 ක් ද වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් වලට 2015 න් පසුව මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තවද, වයින් සහ බීර අලෙවිහල් 368 ක් හා රා තැබෑරුම් 200 සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙයට අමතරව විදේශ මත්පැන් අලෙවිකරන ස්ථාන 1080 ක් සඳහා බලපත් නිකුත් කර ඇති බව අමාත්‍යාංශය පැවැසීය.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති කොන්දේසි හා නීති රීති අනුව අවසරපතක් ලබාගත හැකිවේ.

එවන් පුද්ගලයකු ආසන්නතම වසර 5 ක් ඇතුළත කිසිදු අපරාධයකට වරදකරු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකුද විය යුතුය.

තවද, සුරාසැල්වල වර්ගය අනුව පූජනීය ස්ථාන සහ පාසල් වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් එම සුරාසැල් පිහිටුවිය යුතුය.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පතේ සඳහන් කරුණ තහවුරු කරගැනීම සඳහා සුරාසැල් බලපත්‍රයක් ඉල්ලා සිටින බල ප්‍රදේශය අයත් පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව එකී සියලු කොන්දේසි ඉටුකරන්නේ නම් සුරාසැල් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව ඇත.

සුරාබදු පනත සහ සුරාබදු නිවේදනවල ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන අදාළ කොන්දේසි සහ අවශ්‍යතා ඉටුකරන ඕනෑම පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා සතුව ඇත.

මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ලේඛණය මහජනතාවට බලාගත හැකිවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි