නවතම පුවත්

වන්ෂොට්ට වැරදුණු අධිකරණ ෂොට්

අසංක

අසංක

ගයාන් වීරසිංහ

සෙලෝ­ල­යිඩ් පට­යක වීර චරි­ත­ය­කට පණ­දෙ­න්නට ගොසින් අව­සා­නයේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට සිදු වන්නේ නැවත ගැල­වි­ල්ලක් නැති වන ලෙස හිරේ විලං­ගුවේ වැටෙ­න්න­ටය. ඒ මෙරට අධි­ක­රණ පද්ධ­ති­යට මෙන්ම නීතියේ ආධි­ප­ත්‍ය­යට ඔහු විසින් කළා යැයි කියන බල­පෑම් හේතු කොට­ගෙ­නය.

ඔහු අධි­ක­ර­ණය තැකුවේ සැහැ­ල්ලු­ව­ටය. ආන්දෝ­ල­නා­ත්මක සහ සුවි­ශේෂී නඩු කට­යු­තු­ව­ලට ඔහු අත පොව­මින් විනි­සු­රු­ව­රුන්ට බල­පෑම් කර­න්නට ඇත්තේ ඒ නිසා වන්නට පුළු­වනි. විනි­සු­රු­ව­රුන් ද එකී බල­පෑම් හමුවේ නිහ­ඬව සිටි­න්නට ඇත්තේ රන්ජන්ගේ රඟ­පෑම් හමුවේ ඔහුට දැවැන්ත දේශ­පා­ලන බල­යක් ඇතැයි සිත­න්නට වූ නිසා යැයි විශ්වාස කළ හැකිය. මේ වන විට විශ්‍රාම ගොස් සිටින මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වූ පද්මිණි එන්. රණ­වක මහ­ත්මිය විශ්‍රාම යන්නට මත්තෙන් තමාට අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක ලෙස උසස් වීමක් ලබා­දෙන ලෙස ඉල්ලන හඬ­ප­ට­යෙන් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට පින්සේන්ඩු වන්නේ ඒ නිසා වන්නට පුළු­වනි.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ ලක්ෂ­ය­කට අධික හඬ­පට ගොන්නෙන් කිහි­ප­යක් මේ වන විට ප්‍රසිද්ධ වී හම­රය. ඒ අතර ඇත්තේ අධි­ක­රණ විනි­සු­රු­ව­රුන් තිදෙ­නෙකු සමඟ ඔහු කරන කතා­බහ පමණි. කියැ­වෙන ආකා­ර­යට තවත් අධි­ක­රණ විනි­සු­රු­ව­රුන් කිහිප දෙනෙ­කුම රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ බල­පෑ­ම්ව­ලට ලක්වූ­වන් අතර සිටිති. එක් විනි­සු­රු­ව­ර­යෙකු සමඟ ඔහු අද­හස් හුව­මාරු කර­ගන්නේ විනි­සු­රු­ව­ර­යාගේ නිව­ස­ටම ගොසිනි. එම කතා­බහ එළි­යට එන්නේ වීඩියෝ දර්ශ­න­යක්ද සහි­ත­වය. එකී කතා­බහ ඔහු වීඩි­යෝ­ගත කර ඇත්තේ සිය ජංගම දුර­ක­ත­න­යෙනි. ඒ රහ­සි­ග­ත­වය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එළි­යට පැමිණි එම වීඩි­යෝව රූප­වා­හිනී මාධ්‍ය මඟින්ද ප්‍රසිද්ධ විය. එම වීඩි­යෝ­වට අනුව විනි­සු­රු­ව­ර­යාද රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා සමඟ නඩු­ක­ට­යුතු ගැන කතා­බ­හක නිරත වන්නේ කිසිදු පැකි­ළී­ම­කින් තොර­වය. ඒ නිසාම සිවිල් සංවි­ධාන කිහි­ප­යක්ම ඒ ගැන අධි­ක­රණ සේවා කොමි­ස­මට පැමි­ණිලි කරන්නේ ඉදි­රි­පත් වෙයි. එම වීඩි­යෝවේ සට­හන් වූ රුව බද්දේ­ගම ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ධම්මික හේම­පාල මහ­තා­ගේය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා එම විනි­සු­රු­ව­රයා මුණ ගැසෙන්නේ ඔහු මහේ­ස්ත්‍රා­ත්ව­ර­යෙකු ලෙස කඩු­වෙල අධි­ක­ර­ණයේ සේවයේ නිර­තව සිටි­ය­දීය. දේශ­පා­ලන මුහු­ණු­ව­රක් ගත් නඩු කට­යුතු රැසක් එකල විභාග වූයේ කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේය. යහ­පා­ලන ආණ්ඩුව පැවැති සම­යේදී එම නඩු වෙනු­වෙන් මහා රෑත් කඩු­වෙල අධි­ක­ර­ණය විවෘත කර­මින් නඩු ඇසී­මට එම විනි­සු­රු­ව­රයා පිය­ව­ර­ගත් බවට චෝද­නා­වක්ද නැඟී ඇත. අධි­ක­රණ සේවා කොමි­සම විසින් ඉකුත් 16 වෙනිදා ඔහුගේ වැඩ තහ­නම් කිරී­මට පිය­වර ගන්නේ එවන් පසු­බි­මක් හමු­වේය.

ධම්මික හේම­පාල විනි­සු­රු­ව­ර­යාගේ වැඩ තහ­නම් කර­න්නට අධි­ක­රණ සේවා කොමි­ස­මට බල­යක් ඇතත් ගිහාන් පිලපිටිය විනි­සු­රු­ව­රයා මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යෙකු බැවින් ඔහු සම්බ­න්ධ­යෙන් පිය­වර ගත යුතුව ඇත්තේ ඔහුගේ පත් වීම් බල­ධා­රියා වන ජනා­ධි­ප­ති­ව­ර­යාය.

ඒ අනුව ගිහාන් පිල­පි­ටිය විනි­සු­රු­ව­ර­යා­ගේත් වැඩ තහ­නම් කර­න්නේ­දැයි මේ ලිපිය සට­හන් තබන මොහොත වන තුරුම අව­සන් තීන්දු­වක් ගෙන නොති­බිණි.

කෙසේ වෙතත් ධම්මික හේම­පාල විනි­සු­රු­ව­ර­යාගේ මෙන් නොව, ගිහාන් පිල­පි­ටිය විනි­සු­රු­ව­රයා රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා විසින් නඩු කට­යුතු සම්බ­න්ධ­යෙන් තමාට කළ බල­පෑම් ගැන කල්ති­යාම අධි­ක­රණ සේවා කොමි­ස­ම­ටත් පොලිස් මූල­ස්ථා­න­ය­ටත් පැමි­ණිලි කර තිබුණු බවද කියැවේ.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­ප­ට­වල ඇති එකී බල­පෑම් විනි­සුරු ගිහාන් පිල­පි­ටිය මහ­තාට එල්ල වන්නේ යැයි පෙනී යන්නේ ඔහු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා ලෙසින් සේවයේ නිර­තව සිටි වක­වා­නු­වේ­දීය.

එම බල­පෑම එල්ල­වන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී­ව­ර­යෙකු වන ඒ.එච්.එම්.ෆවුසි මහතා වාහ­න­යක් අව­භා­විතා කළේ යැයි අල්ලස් කොමි­සම විසින් අධි­ක­ර­ණ­යට ගොනු කළ නඩු­වක් සම්බ­න්ධ­යෙනි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා විනි­සු­රු­ව­ර­යාට බල­පෑම් කරන්නේ ෆවුසි මන්ත්‍රී­ව­ර­යාව බන්ධා­නා­ග­ර­ගත කරන ලෙස­ටය. එප­ම­ණක් නොව, කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වූ තවත් නඩු කිහි­ප­ය­ක­ටම ඔහු විනි­සු­රු­ව­ර­යාට බල­පෑම් කර තිබුණු බව සඳ­හන්ය.

එකී හඬ­පට එළි­යට ඒමත් සමඟ ගිහාන් පිල­පි­ටිය විනි­සු­රු­ව­රයා වැඩ බලන පොලි­ස්පති සී.ඩී.වික්‍ර­ම­රත්න මහ­තාට ලිඛිත පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන්නේ තමන් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලෙස සේවයේ නිර­තව සිටි වක­වා­නු­වේදී අධි­ක­ර­ණයේ විභාග වූ සංකීර්ණ මෙන්ම ආන්දෝ­ල­නා­ත්මක නඩු රාශි­ය­කට රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යා­ගෙන් බල­පෑම් එල්ල වූ බවකි.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට පිට වීමෙන් පසු මේ පැමි­ණිල්ල විනි­සු­රු­ව­රයා විසින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාට යොමු කළත් 2015 වස­රේ­දීද එව­කට සිටි පොලි­ස්පති එන්.කේ. ඉලං­ග­කෝන් මහ­තාට ඒ ගැන පැමි­ණි­ල්ලක් කළ බවද එහි සඳ­හන් විය. ඒ අනුව එවන් පැමි­ණි­ල්ලක් එව­කට හිටපු පොලි­ස්ප­ති­ව­ර­යාට ලැබී තිබු­ණේ­දැයි සොයා බැලී­මට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා අම­තක කළේ නැත.

එහිදී අනා­ව­ර­ණය වන්නේ අධි­ක­රණ කට­යු­තු­ව­ලට රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා බල­පෑම් කරන බව ගිහාන් පිල­පි­ටිය විනි­සු­රු­ව­රයා කළ එම පැමි­ණිල්ල ගැන නිසි විම­ර්ශ­න­යක් එකල සිදු කර ඇතත් කුමන හෝ හේතු­වක් මත රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක වී නැති බවකි.

ඒ සම­ඟම කියැ­වෙන්නේ විනි­සුරු ගිහාන් පිල­පි­ටිය මහතා අධි­ක­රණ සේවා කොමි­ස­ම­ටද එකල මේ ගැන පැමි­ණි­ල්ලක් කර ඇති බවය. රන්ජන්ගේ හඩ­පට එළි­යට එන්නේ එකී පැමි­ණි­ල්ලෙන් වසර තුන­හා­මා­ර­කට පමණ පසු­වය.

රන්ජන් රාම­නා­යක මහතා අධි­ක­රණ කට­යු­තු­ව­ලට බල­පෑම් කරන්නේ විනි­සු­රු­ව­රුන් මඟින් පම­ණක් නොව, අධි­ක­රණ තෝල්ක­ව­රුන් මඟින්ද කෙරෙන බල­පෑ­මක හඬ­ප­ට­යක් සමාජ මාධ්‍ය ඔස්සේ එළි­යට ආවේය. ඒ මහ­නු­වර අධි­ක­ර­ණයේ තෝල්ක­ව­රයා සමඟ අධි­ක­ර­ණය මඟ හැර­සි­ටී­මට ඔහු කරන සාක­ච්ඡා­වක හඩ පට­යකි.

මහ­නු­වර අධි­ක­ර­ණයේ ඔහුට ඇත්තේ ගුරු­ව­රි­යක විවහා කර ගන්නා බවට පොරොන්දු දෙමින් ඇගේ මුදල් වංචා කිරීමේ නඩු­වකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඒ සම්බ­න්ධ­යෙන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කර බන්ධ­නා­ගා­ර­ය­ටද යැවු­වේය. ඒ ඔහු පළමු වරට බන්ධ­නා­ගා­ර­ගත වන අව­ස්ථා­වය.

එදා ඔහු රඳවා තැබෙන්නේ බෝග­ම්බර බන්ධ­නා­ගා­ර­යේය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එව­කට සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යෙකු ලෙස සේවයේ නිර­තව සිටි සේනක කුමා­ර­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අත්අ­ඩං­ගු­වට ගන්නේ කෝට්ටේ පිහිටි ඔහු පදිං­චිව සිටි නිව­සේ­දීය.

එදා ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් නිව­සට කඩා වදින විට කාම­ර­ය­කට වැදී සැඟ­වෙන්නේ අත්අ­ඩං­ගු­වට ගන්න­වාට ඇති බියට වඩා ඔහුගේ සැබෑ ස්වරූ­පය සඟ­වා­ග­න්න­ටය.

මෙව­රත් ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මාදි­වෙල පිහිටි ඔහු පදිං­චිව සිටි නිල නිව­සට ගිය විට ඔහු ඉහළ මහ­ලයේ කාම­ර­යට පැන කොණ්ඩය සක­ස­මින් මගුල් ගෙද­ර­කට යන්නට මෙන් සුවඳ විල­වුන් ගල්ව­මින් හැසි­රෙන්නේ එදා මෙන්මය. මේ වන විට රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා රඳවා සිටින්නේ මැග­සින් බන්ධ­නා­ග­ර­යේය. ඒ සැබෑ ස්වරූ­ප­යෙනි.

පොලී­සිය ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිල නිව­සට ගිය විට ඔහු ෆේස් බුක් සමාජ ජාලය මඟින් සජී­වීව විකා­ශය කර­මින් සැකසූ ලස්සන කොණ්ඩය දැන් ඔහුගේ හිසේ නැත. ඒ වෙනු­වට ඇත්තේ කොටට කැපූ කොණ්ඩ­යකි.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අත්අ­ඩං­ගු­වට ගන්නේ ඔහු හඬ­පට ළඟ තබා­ගැ­නීමේ වර­ද­කට නොව, එම හඩ­ප­ට­ව­ලින් එළි­යට එන අධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ට කර ඇති බල­පෑම් මුල් කර­ග­නි­මිනි.

නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ විනි­සු­රු­ව­රුන් තිදෙ­නෙ­කුට රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා විසින් බල­පෑම් කර ඇති බව හඬ­ප­ට­ව­ලින් පැහැ­දි­ලි­වම හෙළි වන බවය. එම හඬ­පට රූප­වා­හිනී මාධ්‍ය­යෙන් එළි­යට ආ ඒවාය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ නිල නිව­සින් හමුවූ හඬ­ප­ට­ව­ලට පොලී­සීය තව­මත් අත­වත් තබා ඇති බවක් පෙනී යන්නේ නැත. ඒ මෙතෙක් රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් එම හඬ­ප­ට­වල සහ­තික කළ පිට­පත් පොලී­සි­යට ලබාදී නැති බැවිනි. පොලී­සිය එම හඬ අසා විශ්ලේ­ෂ­ණය කර­න්නට ගන්නේ රස පරී­ක්ෂ­ක­ව­රයා පොලී­සි­යට ඒවා භාර­දී­මෙන් අන­තු­රු­වය.

ඒ වෙනු­වෙන් මේ වන විටත් පොලිස් කණ්ඩා­යම් 10 ක්ම සූදා­නම් කර ඇත්තේ ලක්ෂ­ය­කට අධික හඬ­පට නිල­ධා­රීන් දෙතුන් දෙනෙ­කුට පම­ණක් විශ්ලේ­ෂ­ණය කිරීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවන බැවිනි.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා සඳ­හන් කරන්නේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට මුල් වන විනි­සු­රු­ව­රුන්ට කරන බල­පෑ­ම්ව­ලට අදාළ හඬ­පට සම්බ­න්ධ­යෙන් ඒවා විකා­ශය කළ විද්යුත් මාධ්‍ය ආය­තන හත­රක ප්‍රධා­නීන්ගේ ප්‍රකාශ ලබා­ග­නි­මින් විම­ර්ශන ආරම්භ කළ බවය.

එකී විම­ර්ශන කට­යුතු සිදු වන්නේ බස්නා­හිර පළා­ත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ අධි­ක්ෂ­ණ­යෙන් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරී ජී.ජේ. නන්දන මහ­තාගේ මෙහෙ­යැ­වී­මෙන් එහි ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නෙවිල් ද සිල්වා මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසිනි.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා සඳ­හන් කරන්නේ මෙහි නියම තතු හෙළි කර­ගැ­නී­මට දීර්ඝ විම­ර්ශ­න­යක් කළ යුතු බවය. අප­රාධ කොට්ඨා­සය විසින් එම විම­ර්ශන සිදු කරන්නේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ උප­දෙස්ද ඇති­වය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාව ඉකුත් 14 වැනිදා අත්අ­ඩං­ගු­වට ගන්නේද නීති­පති දප්පුල ලිවේරා මහ­තාගේ උප­දෙ­සින් නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් වරෙ­න්තු­වක්ද ලබා­ගෙ­නය. කොළඹ අප­රාධ කොට්ඨා­ශයේ පැය 15කට වැඩි කාල­යක් රඳ­වා­තබා ගනි­මින් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව ඔහුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්නේ 15 වැනි­දාය. එදා නිවාඩු දින­යක් වූ බැවින් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාව ඉදි­රි­පත් කරන්නේ මහ­ර­ගම ගොඩි­ග­මුවේ පිහිටි නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් වසන්ත කුමාර මහ­තාගේ නිව­සට රැගෙන ගොසිනි. එහිදී නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා පෙන්වා දෙන්නේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා සමඟ දුර­ක­තන සංවා­ද­වල නිරත වෙමින් විනි­සු­රු­ව­රුන් අධි­ක­ර­ණයේ පූජ­නී­ය­ත්ව­යද කෙලෙසා ඇති බවකි. ඒ මඟින් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට එල්ල කර ඇති බල­පෑම විශාල බල­පෑම විශා­ලය. දිලීප පීරිස් මහ­තාගේ අද­හස වන්නේ ජන­තාව අධි­ක­ර­ණය හෙළා දකින තත්ත්ව­ය­කට පවා මේ සිදු වීම පත්ව තිබෙන බවය.

විනි­සු­රු­ව­රුන් පම­ණක් නොව, පොලිස් නිල­ධා­රීන්ද, දේශ­පා­ල­න­ඥ­යන්ද, කලා­ක­රු­වන්ද , ඇතුළු විවිධ තන­තුරු දරන තවත් විශාල පිරි­සක්ද රන්ජන් මන්ත්‍රී­ව­රයා සමඟ දුර­ක­තන සංවා­ද­වල නිර­තව තිබේ. දිලීප පීරිස් මහතා සඳ­හන් කරන්නේ ඒ ගැනද යම් විම­ර්ශ­න­යක් සිදු වන බවකි.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන විට ඔහු වෙනු­වෙන් නීතී­ඥ­වරු කිහිප දෙනෙක්ම ඉදි­රි­පත් වී සිටි­යහ.

ඒ අය අතර සිටි වසන්ත රණ­සිංහ නීතී­ඥ­ව­රයා සද­හන් කර­න්නට වූයේ එම හඬ­ප­ට­වල ඇත්තේ රන්ජ­න්ගේම කට­හ­ඬ­දැයි කියා විම­ර්ශ­න­යක් නොකර පව­සන්නේ කෙසේ දැයි කියාය.

ඊට නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහ­තාගේ පිළි­තුර වන්නේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා මහ­ජන නියෝ­ජි­ත­ක­යෙකු වන බැවින් ඔහුගේ කට­හඬ මහ­ජ­න­තාව පවා හොදින් හඳු­නන බවය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා සමඟ දුර­ක­තන සංවා­දයේ නිරත වන විනි­සු­රු­ව­ර­යෙකු තමාගේ සම­කා­ලී­න­යෙකු බැවින් සැක­කාර රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ පම­ණක් නොව, එම විනි­සු­රු­ව­ර­යාගේ කට­හ­ඬද තමා හඳු­නන බව දිලීප පීරිස් මහතා පැහැ­දි­ලි­වම පෙන්වා දුන්නේය.

ඇප අහිමි වෙමින් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට දෙවැනි වතා­ව­ටත් බන්ධ­නා­ගර ගත වන්නට සිදු වන්නේ එකී නීති තර්ක හමු­වේය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට මැග­සින් බන්ධ­නා­ගා­රය අලුත් තැනකි. අස­නී­ප­යක් සෑදී රෝහ­ල්ගත නොව­න්නට ලබන 29 වැනිදා දක්වා රැඳී සිටිය යුතු වන්නේ මැග­සින් බන්ධ­නා­ගා­ර­යේය. ඔහුට වෙන්ව ඇත්තේද විශේෂ ගණ­යට වැටෙන සිර­ක­රු­වන් රඳවා තැබෙන කොට­සය.

කොට්ට­යක් පැදු­රක් හැරෙ­න්නට වෙනත් පහ­සු­ක­මක් ඔහු වෙනු­වෙන් බන්ධ­නා­ග­ර­යෙන් සැප­යෙන්නේ නැත. බෝග­ම්බර බන්ධ­නා­ගා­රයේ සිටි ඔහුට බන්ධ­නා­ගාර ජීවි­තය තර­මක් හුරු­පු­රුදු වූවත් මුල් දිනයේ ඔහුගේ දෑස් තිබී ඇත්තේ කදු­ළින් තෙත්වය.

දෙවැනි සහ තෙවැනි දින­යන් ගත වන විට ඔහු ඒ ජීවි­ත­යට හුරු­වන්නේ සෙසු රැඳ­වි­යන් සමඟ කල්ලි ගැසෙ­මිනි.

දැන් ඔහු සෙසු සිර­ක­රු­වන් සමග ගීත ගයති. රස කතා කියති. ඒ අතර ඔහුගේ සුව­දුක් බැලී­මට හිටපු මැති ඇම­ති­ව­රුද බන්ධ­නා­ගා­ර­යට එන බැවින් ඔහුට දැන් පාළු­වක් නැති ගානය. මේ ජීවි­තය කොප­මණ කාල­යක් ගත කිරී­මට තමාට සිදු වනු ඇති දැයි ඔහුම දන්නේ නැත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි