නවතම පුවත්

වර්ජනය අති සාර්ථකයි – පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් අහිමි වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.

පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් තිහකට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කළේය.

එසේම නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් වෘත්තීය සමිති කටයුතු කරන බවද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.

අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගැටලු විසඳීමට නම් අයවැය තුළින් 06%ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්විය යුතු බවත්, එහෙත් දැන් සිදුකරමින් තිබෙන්නේ අධ්‍යාපනයට සුළු මුදලක් වෙන්කර පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ගැනීම බවත් හෙතෙම පවසා සිටියේය.

වසර ගණනාවක් තිස්සේ ගුරුවිදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා ගුරුවිදුහල්පතිවරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ  වෙතත් මේ හේතුවෙන් සිසුහුන් හට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවු අතර ඇතැම් පාසල් වල සිසුන් විසින්ම තම ඉගැන්විම් කටයුතු සිදු කර ගන්නා අකාරයද දක්නට ලැබුණි.

ගුරුවරුන් විසින් විදුලි පුවත් මගින් අසනිප නිවාඩු දමා අද දින සේවයෙන් නිවාඩු ගෙන තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ගුරු විදුහල්පති විරෝධය නිසා දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000)  දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි.

වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.

පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් තිහකට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කළේය.

එසේම නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් වෘත්තීය සමිති කටයුතු කරන බවද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.

අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගැටලු විසඳීමට නම් අයවැය තුළින් 06%ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්විය යුතු බවත්, එහෙත් දැන් සිදුකරමින් තිබෙන්නේ අධ්‍යාපනයට සුළු මුදලක් වෙන්කර පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ගැනීම බවත් හෙතෙම පවසා සිටියේය.

වසර ගණනාවක් තිස්සේ ගුරුවිදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා ගුරුවිදුහල්පතිවරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ  වෙතත් මේ හේතුවෙන් සිසුහුන් හට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවු අතර ඇතැම් පාසල් වල සිසුන් විසින්ම තම ඉගැන්විම් කටයුතු සිදු කර ගන්නා අකාරයද දක්නට ලැබුණි.

ගුරුවරුන් විසින් විදුලි පුවත් මගින් අසනිප නිවාඩු දමා අද දින සේවයෙන් නිවාඩු ගෙන තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී