නවතම පුවත්

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා බිමක් ඩෝසර් කර කෝවිලක් හදලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසුරිය

වවුනියාව,ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍ය ස්මාරක හා නටඹුන් සහිත භූමියක් ප්‍රදේශයේ පිරිසක් විසින් ඩෝසර් කොට සඳකඩ පහන් මත කෝවිලක් සකස් කොට ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසු‍යේ පැරණි ස්ථුප පාදම්,සිරිපතුල්, ගොඩනැගිලි පාදම්,ගල් කණු,ගඩොල්, උළු  ඇතුළු පුරාවිද්‍ය නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක් විසින් එලෙස ඩෝසර් කොට ඇති බවයි.

අදාළ පුරාවිද්‍ය ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකොට ඇති අතර, ඒ තුළ අදාළ පුරාවිද්‍ය ස්මාරක පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පුරාවිද්‍ය කාර්යාල නිළධාරීන්ගෙන් විමසීමේදී පුරාවිද්‍ය නිළධාරීන් පැවසුවේ අදාළ පුද්ගලයින්ට විරුද්ධව පුරාවිද්‍ය නිළධාරීන් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර, නීතිය භාර නිළධාරීන් විසින් අදාළ පිරිස අත්අඩංගුවට ගත යුතු බවයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙතද පැමිණිල්ලක් කොට ඇති අතර, එහෙත් අදාළ පිරිස අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්