නවතම පුවත්

වසංගතයෙන් ඇදවැටුණු ශ්‍රී ලංකාවට විදෙස් ණයත් ඇන්න හැටි

අසංක

අසංක

ගෝලීය වසංගතයෙන් සෙසු රටවල් මෙන්ම බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව කොවිඩ් පැමිණීමට පෙර සිටම මෙරට සංවර්ධනය හා ආර්ථික කළමනාකරණය වෙනුවෙන් ණය බරක පැටලී සිටී.

යම් යම් සහන ලබාගැනීමට හැකිවුවත් වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකාවට ණයආධාර තවදුරටත් ලබාගැනීමට සිදුව තිබේ.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ ආදිය ලබාගැනීම වෙනුවෙන් මෙන්ම වර්තමානයේ මුහුණ දී සිටින විදේශ සංචිතය අඩුවීමේ ගැටලුවට හේතුවෙන් ද විදේශ ණය තොගය ඉහළ යාමේ අවදානමක පසුවෙයි.

කෙසේවෙතත් නියමිත පරිදි වාරික ගෙවන බවට විශ්වාසය දිනා සිටින ශ්‍රී ලංකාවේ ඉදිරි ණය වාරික ගෙවීම පිළිබඳ මෙරට ඇතැම් පාර්ශ්ව රජයට බලකරන්නේ ඒවා කල්දැමීමට හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විදේශ පාර්ශ්වවලින් ඉල්ලා සිටින ලෙසය.

රජය විසින් මෑත කාලයේදී අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳ වද සාකච්ඡා කළ බව පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත් ගෝලීය වසංගතයට මුහුණදීමට සිදුවූ මුල් වසර ගෙවෙන විට මෙරට විදේශ ණය තත්ත්වය පිළිබඳ පහත විස්තර මගින් අදහසක් ලබාගත හැකිය.

2021 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු හිඟ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35.1ක් බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

2021 ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා මුළු ණය සේවා ගෙවීම් ඩොලර් මිලියන 981.0 ක් විය.

එයින් ඩොලර් මිලියන 520.6 ක් මූලික ආපසු ගෙවීම වෙනුවට සහ ඉතිරි ඩොලර් මිලියන 460.4 පොලිය ගෙවීම් සඳහා විය.

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 2020 වසර අවසානය වනවිට ආසන්න වශයෙන් 40% ක් ද්විපාර්ශ්වික ණය, බහුපාර්ශ්වික ණය බවට හඳුනාගෙන තිබේ.

සෙසු විදේශ ණය ඇත්තේ විදේශීය මූල්‍ය වෙලඳපොලවල් වෙත බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

2020 අවසන් වන විට හිඟ විදේශ ණය ශේෂයේ හිමිකාරිත්වය කෙසේද යන්න පිළිබඳ පහත තොරතුරු මගින් පෙන්නුම් කරයි.

(අගයන් රුපියල් බිලියනවලිනි)

ඉහත තොරතුරුවලට අනුව 2020 වසර අවසානය වනවිට මෙරට විදේශ ණයවලින් 60% ක් ඇත්තේ විදේශ මුල්‍ය වෙළෙඳපොළවල් ලබාගත් ණයයි.

ඉන් 64%ක් අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වන අතර චීන එක්සිම් බැංකුවෙන් 13%ක් විදේශ ණය පහසුකම 7%ක් සහ වෙනත් 16%ක් ආදී වශයෙන් බෙදී යයි.

එම කාලය වනවිට බහු පාර්ශ්වික විදේශ ණය ලබාගෙන ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් 54%ක් ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනයෙන් 37%ක්

2019 වර්ෂාවසානය වන විට පියවීමට නියමිත විදේශ ණය ප‍්‍රමාණය සැසඳීමේදී සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ආර්ථික අවශ්‍යතා සඳහා ලබාගත් විදේශ අරමුදල්වලින් ඉදිරියේ දී ගෙවීමට නියමිත ණය ප‍්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 34.7ක් වී තිබු බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

(ඇමරිකානු ඩොලර් මිලියන)

2019 වසර වනවි‍ට ණය තොගයේ කල්පිරීමේ ව්‍යුහය

එය 2018 වර්ෂාවසානයේ ගෙවීමට තිබූ ඇ.එ.ජ. ඩොලර් බිලියන 32.6ට සාපේක්ෂව ඇ.එ.ජ. ඩොලර් බිලියන 2.1ක හෙවත් සියයට 6.4ක වැඩිවීමකි.

ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය – එක් එක් ප්‍රදායකයා අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)

ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය – එක් එක් ප්‍රදායක විනිමය අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)

ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය – පරිණත කාල ව්‍යුහය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්