නවතම පුවත්

වාහන 5700ක් තවමත් හම්බන්තොට වරායේ

අසංක

අසංක

 

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වරාය නිදහස්ව තිබිය යුතු බවට රජය නියෝග කිරීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ හැකි තරම් වාහන ප්‍රමාණයක් නිෂ්කාශනය කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර ඇත.

2020 මාර්තු 16 සිට – අප්‍රේල් 30 දක්වා කාලය තුළ ප්‍රමාද වීමේ ගාස්තු අය නොකරන බව සිය පාර්ශවකරුවන් වෙත වරාය ලිඛිතව දන්වා ඇති වූවද, හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් සමාගමේ (HIPG) හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ වාහන නිෂ්කාශන කටයුතු තවමත් ඉක්මනින් සිදු නොවන බවයි.

“නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා අපට ආනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය වන අතර පැය 24ම මෙහෙයුම් සිදු කරන වරායක් වශයෙන් මේ මාසය අවසන් වන විට සියළුම වාහන ඉවත්කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි. එහෙත් සති අන්තයේ කිසිදු වාහනයක් ඉවත් කර නොතිබූ අතර සඳුදා නිෂ්කාශනය කළ වාහන සංඛ්‍යාව 203 ක් පමණි. චැසි 425 ක් සඳහා වරාය ගාස්තු ගෙවා ඇති අතර ඒවා ඉක්මනින් වරායෙන් බැහැර කිරීමට බලාපොරොත්තු වෙමි.”

ප්‍රමාද වීමේ ගාස්තු අය නොකිරීමේ කාලය 2020 අප්‍රේල් 30 වන දින දක්වා බවත් එය කුමන හේතුවක් නිසාවත් දීර්ඝ නොකරන බැවින්, නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහය නොදක්වන පිරිස් හට පාඩු විදීමට සිදු වන බව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

ඩෙමරේජ් ගාස්තු අය නොකිරීමේ කාලය ඉක්මනින් අවසන් වීමට නියමිතව තිබියදීත් පෞද්ගලික හා රාජ්‍ය අංශයෙන් සියළුම පහසුකම් ලබා දී ඇති පසුබිමක, නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.

නිෂ්කාශනය සිදු කර ගැනීම සඳහා අවශ්‍ය සියළුම සහය ලබා දීමට අදාළ සියලුම රජයේ දෙපාර්තමේන්තු ක්‍රියාත්මකව සිටින බවත් ඒ මහතා පවසයි.

පසුගිය 28 වැනිදා චැසි 220 ක් සඳහා නිෂ්කාශන අයදුම්පත් ලැබී අතර, නිෂ්කාශණය සඳහා වාහන 5,755 ක් තවමත් වරායේ ගොඩ ගැසී ඇති බව වරාය නිලධාරීහු පවසති.

ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සියලුම වරාය මෙහෙයුම් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව සති අන්තයේ පවා විවෘතව පවතී.

වරාය ලේඛන මධ්‍යස්ථානය මඟින් හවුල්කරුවන්ට සහ සේවාදායකයින්ට ඔවුන්ගේ ලේඛන කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කර ගැනීමට හැකියාව ඇත.

HIP විසින් මාර්ගගත ගෙවීම් හුවමාරු පද්ධතියක් ද (Online payment Transfer system) ද සක්‍රීය කර ඇති අතර ගනුදෙනුකරුවන්ට වරාය සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීම සඳහා ඊ-DO (e-DO) පහසුකම මැයි 1 වැනිදා හඳුන්වා දීමට නියමිතය.

වාප්පු ලිපිකරුවන් සහ වාහන ආනයනකරුවන්ගේ සංගම් වල සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් හඳුන්වා දුන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියා පටිපාටි එම සංගම්වලට දැනුම් දෙන ලදී.

වරාය අවට ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා ආරක්ෂිත පියවර ගෙන ඇති අතර භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලිය පහසුව සහ කාර්යක්ෂමතාවයෙන් අවසන් කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇත.

වරායට ආසන්නව ජීවත්වන ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හේතුවෙන් පොලිසීයේ නියෝගයන්ට අනුව වාහන නිෂ්කාශනය කිරීම සඳහා පැමිණෙන වාප්පු ලිපිකරුවන් මිරිජ්ජවිල සහ හම්බන්තොට වරාය පිවිසුම අතර තම වාහන නොනවත්වා කෙලින්ම වරායට ආ යුතු අතර වාහන නිෂ්කාශනය කිරීමෙන් පසු ආපසු පැමිණීමේදීද අවට කිසිම ස්ථානයක නොනැවතී ආපසු යා යුතුය.

එමෙන්ම වාහනවල සිටින කිසිදු පුද්ගලයෙකු වරාය ගේට්ටුවෙන් පිටත පන්සල ආසන්නයේ ඇති වෙළඳසැල් හෝ අවන්හල්වලට ඇතුළු නොවිය යුතුය.

මේ පිළිබදව අදහස් දැක් වූ හම්බන්තොට වාප්පු ලිපිකරුකරුවන්ගේ සංගමය, ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිගනිමින්, වරායේ සමස්ත කාර්ය මණ්ඩලය අගයා ඇත. වසංගතය මධ්‍යයේ ගෙන ඇති ආරක්ෂක පියවරයන් සහ මෙහෙයුම් සම්බන්ධයෙන් තම අවබෝධය සහ සහයෝගය ලිපියක් මඟින් දන්වා ඇත.

HIP හි සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට (SOP) අනුව, වරායට පැමිණෙන සියලුම පුද්ගලයින් මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳිය යුතුය. සියලුම වාහන හම්බන්තොට වරායේ පරිපාලන ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවට යාබදව “නැරඹුම” ප්‍රදේශය දෙසට වන්නට නවතා තැබිය යුතුය. නිෂ්කාශන නියෝජිතයන් සහ රියදුරන් වරායට ඇතුළු වූ පසු, වාහනය නිෂ්කාශනය කරන පුද්ගලයා විෂබීජ නාශක කුටියට ගෙන යනු ලැබේ. ඉන් අනතුරුව, මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති විධිවිධාන අනුව වාහන නිෂ්කාශනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවසර ලැබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?