නවතම පුවත්

වැටුණු ආර්ථිකය ‘නැගිට්ටුවන’, නිර්දේශ 5ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථිකමය වශයෙන් සළකා බැලූ විට , ශ්‍රී ලංකාව  මේ වනවිට පවතින්නේ අසීරු  තැනකය. වසර ගණනාවක් තිස්සේ දුරදිග නොබලා සිදුකල  ප්‍රතිපත්ති සම්පාදනයන් මේ තත්වය වඩාත් බරපතක කර ඇත .

මෙම අසීරු අඩියෙන්  මිදීමට පහසු මගක් නැත .  ඊට ක්ෂණික විසඳුම්ද  නොමැත . නමුත් නිවැරදි හා විධිමත්  ප්‍රතිපත්ති රාමුවක් , අනාගත  දැක්මක් සහිතව  අනුගමනය කළහොත් , දශකයකට අඩු කාලයකදී,  ශ්‍රී ලංකාව තාක්‍ෂණික බලාගාරයක් බවට පත් කළ හැකිවනු ඇති අතර ඒ හරහා  මෙරට මුහුණ දෙන  විදේශ විනිමය අර්බුදය ප්‍රමුඛ ආර්ථික ගැටළු රැසකට විසඳුම්  ලබාගත හැකිවනු ඇත .

 

තොරතුරු තාක්ෂණයේ (IT) විශේෂත්වය කුමක්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනෙකුත් බොහෝ ප්‍රධාන අපනයන අංශ මෙන් නොව, තොරතුරු තාක්ෂණ ,  විශාල  ප්‍රාග්ධන වියදම් අවශ්‍යතාවයකින් තොරව දියුණු  කළ හැකි අංශයකි . තොරතරු තාක්ෂණ  උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා වන මුළු ආයෝජනය රු. මිලියන 1.6 ක  (එනම් පුද්ගලික ආයතනයකින් උපාධියක් සඳහා වන වියදම) මුදලක් ආසන්න ලෙස වැයවේ . නමුත් උපාධි මට්ටමේ  තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වසරකට ඇමෙරිකානු  ඩොලර් ($) 15,000කට ආසන්න මුදලක් රටට යලි ගෙන ඒ .  ඒ අනුව තොරතුරු තාක්ෂණ උපාධිදරයෙකු බිහිකරීම සඳහා වැයවන මුදල වසරකටත් අඩු කාලයක් තුල නැවත රටට ලැබේ . වෙනත් බොහෝ ක්ෂේත්‍ර තුල මෙම තත්වය දකින්නට නැත .

තවද, තොරතුරු තාක්ෂණ අංශයෙන් උපයන ආදායමෙන් අතිමහත් බහුතරයක් රට තුළ රඳවා තබා ගනී. ඊට ප්‍රතිවිරුද්ධව, නිෂ්පාදන අංශයේ අපනයනකරුවන් විසින් උත්පාදනය කරන ලද ආදායමෙන් සැලකිය යුතු කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා ගෙවීමට රටින් පිටතට ගලා යයි.

අනෙකුත් බොහෝ ප්‍රධාන අපනයන කර්මාන්තවලට සාපේක්ෂව තොරතුරු තාක්ෂණ අංශය ,ඉතා  හොඳ වැටුප් ගෙවනු ලබයි . මේ ඉහල වැටුප්  මට්ටම් නිසා, එම ක්ෂේත්‍රයේ නියුතුවුවන්ට ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම වඩාත්  පහසුවේ.  එමඟින් රටේ ග්‍රාමීය, නාගරික වෙනසකින් තොරව සැම ප්‍රදේශයකම පාහේ යම්  සංවර්ධනයක්  අපේක්ෂා කල හැක .

 

රටේ ආර්ථිකයට,  තොරතුරු තාක්ෂණයේ  දායකත්වය කෙතරම් වැදගත්ද ?

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය  පසුගිය වසර පහක පමණ කාලසීමාව තුල පමණක්, ආදායම සහ ශ්‍රම බලකාය යන දෙඅංශයෙන්ම, දෙගුණයකට ආසන්න   වර්ධනයක් අත්පත් කර ගත්තේය  .  මෙම වර්ධන ප්‍රවණතාවය දිගටම පවතිනු ඇත. ගෝලීය තාක්‍ෂණික ඉල්ලුම සහ වියදම් වේගවත් වන විට, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණ සමාගම්වලටද  වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙනු ඇත.

වර්තමාන වර්ධන වේගය අනුව, 2030 වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය 240,000 ක් පමණ ශ්‍රම බලකයකින් සමන්විත වනු ඇත.  එසේම එය  ඩොලර් බිලියන 6 කට වැඩි ආදායමක් උපයා ගනු ඇත

නමුත් දැනට පවතින වර්ධන වේගය ගැන අපි සෑහීමකට පත් විය යුතු නැත . පහත දක්වා ඇති සමහර ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන්, අපට එම  වර්ධනය වේගවත් කර ,  2030 වන විට එයින් , ඩොලර් බිලියන 11 කට ආසන්න ආදායමක් උපයාගත හැකිවනු ඇත .

රූප සටහනේ දක්වා ඇති ලෙස , 2030 වන විට ශ්‍රී ලංකාව තුළ නිපදවන තාක්ෂණික උපාධිධාරීන් සංඛ්‍යාව වසරකට 13,000 සිට වාර්ෂිකව 55,000 දක්වා වැඩි කළහොත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශ්‍රම බලකාය  145,000 කින් පමණ පුළුල් වනු ඇත. එහිදී  එක් සේවකයෙකු උපයන ආදායමේ කුඩා වාර්ෂික වැඩිවීමක් සමඟින්, මෙම අතිරේක උපාධිධාරීන් 145,000 , සෑම වසරකම අමතර ඩොලර් බිලියන 4ක ආදායමක් උපයනු ඇත.මේ අතරම දැනට සිටින ශ්‍රම බලකාය වඩාත් ප්‍රවීණ වීම සහ ඉහළ ගාස්තු අය කිරීම මගින් අමතර ඩොලර් බිලියන 1ක් උපයාගනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව සෑම වසරකම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (උ.පෙළ) විභාගයෙන් සිසුන් 150,000කට ආසන්න පිරිසක් සමත් වෙති. 32,000 කට ආසන්න පිරිසක් දේශීය විශ්ව විද්‍යාල පද්ධතිය විසින් අවශෝෂණය කර ගන්නා අතර, 21,000 ක් අධ්‍යාපනය සඳහා විදේශගතවේ.  ඉතිරි සිසුන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් වෘත්තීය ජීවිතයක් සොයමින් වෙනත් විවිධ වූ  මාර්ගවල යති. එම සිසුන් 100,000 න් 50% ක් වත් තොරතුරු තාක්ෂණ අංශයට අවශෝෂණය කර ගත හැකිනම් , එය රටේ ආර්ථිකයට විශාල සහනයක් වනු ඇත . එහෙත් ඒ සඳහා අප කල යුත්තේ කුමක්ද ?

පහත දක්වා ඇත්තෙ ඊට අදාළ  නිර්දේශයන් කිහිපයකි ,

 

පළමු නිර්දේශය – දරුවන් තුළ තාක්ෂණය සඳහා ඇල්මක් ඇති කරන්න.

ළමුන්ගේ පරිඝනක භාවිතාව පිලිබඳව මෙරට සමාජය තුල මිත්‍යා මත රැසකි. එම මිත්‍යා මත කඩා බිඳ  දැමිය යුතුය . කුඩා කාලයේදීම පරිගණක සමඟ සෙල්ලම් කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දිය යුතුය. එහිදී දෙමාපියන්ද පරිඝනක භාවිතය පිළිබඳව දනුවත් කල යුතුය , ඒ අනුව දරුවන්ගේ පරිඝනක භාවිතය අධීක්ෂණය කිරීමට දෙමාපියන්ට හැකිවනු ඇත .

 අන්තර්ජාල භාව්තයේදී , ආරක්ෂිතව සිටිය යුතු ආකාරය සහ ස්මාර්ට් උපාංග සදාචාරාත්මකව භාවිතා කිරීම පිළිබඳවූ  දැනුම නව යොවුන් වියේදීම  පාසල හරහා ඉගැන්විය යුතුය .

දෙවන නිර්දේශය – උපාධිධාරීන් වේගයෙන් බිහි වන පරිදි ” MOOC” ප්‍රචලිත කිරීම .

 Massive Open Online Courses හෙවත්  MOOC යනු තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් තරුණ වැඩිහිටියන් සන්නද්ධ කිරීමට වේගවත්ම ක්‍රමයයි. මෙහිදී  ඕනෑම තැනක සිට ඕනෑම උපාංගයකින් ප්‍රවේශ විය හැකි,  හොඳින් සැලසුම් කරන ලද අතත්‍ය (vertual ) පන්ති කාමරයක උසස් තත්ත්වයේ අන්තර්ගතයන් සහිතවන බැවින් ,  ඉගෙනීමේ අත්දැකීම සෑම කෙනෙකුටම එක හා සමාන වනු ඇත.  මේ හරහා රටේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ආයතන අතර පවතින අධ්‍යාපනික  විෂමතාවයේ ගැටලුව ද මඟ හැරේ.

Global MOOC මෙවැනි වැඩසටහන් සඳහා සත්කාරකත්වය සපයන අතර රජය විසින් කළ යුතුව ඇත්තේ සිසුන්ට මෙම පාඨමාලා අනුගමනය කිරීමට දිරිගැන්වීමයි. ශ් Coursera, EdX වැනි ගෝලීය MOOC වේදිකා වෙත ප්‍රවේශ විමට සිසු සිසුවියන්ට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම වැදගත් වන අතර  . එවැනි අභ්‍යාසයක් සඳහා අර්ධ හෝ සම්පූර්ණ අරමුදල් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වැනි සංවිධානවලින් පවා ලබාගත හැකිය. 

තුන්වන නිර්දේශය –  අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිගණක ලබා ගැනීමට අවස්ථා සැලසීම 

   ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිගණක දැරිය හැකි මිලකට ලබා දෙන දිගුකාලීන යෝජනා ක්‍රමයක් සකස් කළ යුතුය. ස්වීඩනයේ ආකෘතිය  මෙහිදී අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය වේ

1990 ගණන් වලදී, ස්වීඩන් රජය විසින් ගෘහස්ථ පුද්ගලික පරිගණක මිලදී ගැනීම් සඳහා සහනාධාර ලබා දුන් අතර එමඟින් රටේ  සෑම පවුලකටම පරිගණකයක් ලබාගැනීමට හැකිවිය . එම දූරදර්ශී ප්‍රතිපත්තියෙන් ප්‍රතිලාභ ලැබූ ස්වීඩන් දරුවන් පසුව Spotify සහ Skype වැනි ගෝලීය තාක්‍ෂණ දැවැන්තයින් ගොඩනැගීමට ගියහ. එවැනි ප්‍රගතිශීලී චින්තනයක් සමඟින්, ස්වීඩනය දැන් යුරෝපයේ සිලිකන් නිම්නය වීම පුදුමයක් නොවේ.

හතරවන නිර්දේශය –  පහසු  ශිෂ්‍ය ණය ලබාදීම – 

 පරිගණක විද්‍යාව හැදෑරිය යුත්තේ  කවුරුන්ද සහ නොකළ යුත්තේ කවුරුන්ද යන්න  ‘ Z අගය’ මත තීරණය නොවිය යුතුය. . එබැවින්,සිසුවියන්ට  ඔවුන් කැමති ඕනෑම ආයතනයකින් උසස් තත්ත්වයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක්උපාධි ලබා ගැනීමට මංපෙත් විවර කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දියත් කර ඇතත් ඒ ගැන බොහෝ දෙනෙක් නොදනිති. ඒ ගැන ජනතාව දැනුවත් කල යුතුය .

එසේම වත්මන් ණය යෝජනා ක්‍රමය අදාළ වන්නේ සම්ප්‍රදායික තුන් අවුරුදු සහ සිව් අවුරුදු වැඩසටහන් සඳහා පමණක් වන අතර,එම තත්වය වෙනස් කල යුතය .. ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ නැංවීම සඳහා, රටේ සියලුම ප්‍රධාන පෞද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට දැනට පවතින ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීමට අප ඉඩ දිය යුතුය. Udacity වැනි මාර්ගගත වේදිකා හරහා පවත්වනු ලබන  පාඨමාලා හැදෑරීමට කැමති සිසුන්ට ඒ සඳහාද  ණය පහසුකම්  භාවිතා කිරීමට හැකි විය යුතුය. 

 පස්වන නිර්දේශය –  : ගෝලීය තාක්ෂණික අංශයට සහ එහි විවිධ පාර්ශවකරුවන්ට රට විවෘත කරීම 

දේශීය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රගතිය  වේගවත් කිරීම සඳහා, ගෝලීය තාක්‍ෂණ අංශය සමඟ වඩා හොඳින් ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ , ආයෝජකයින් සහ තාක්ෂණික සමාගම් සඳහා ශ්‍රී ලංකාව තුළ ඉක්මනින් සහ පහසුවෙන් මෙහෙයුම් ආරම්භ කිරීමට මංපෙත් විවර කිරීමයි. මෙහිදී , ඊට අවශ්‍ය ශ්‍රමය මෙරට නොමැතිනම් ඒ සඳහා  විදේශිකයන් බඳවා ගැනීමට දේශීය සමාගම්වලට අවසර දිය යුතුය.

. බොහෝ රටවල් ධනවත් සහ බලගතු විදේශීය පුරවැසියන් තම රටට  ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්  වීසා පහසුකම් පුළුල් කරමින් සිටී .  එවැනි පියවරයන් මෙරටද ක්‍රියාත්මක කල හැක එයින්   ශ්‍රී ලාංකීය තාක්ෂණික වෘත්තිකයන් පෝෂණය වන අතර ක්ෂේත්‍රයේ ප්‍රගමනයටද එය හේතුවක්වේ .

 

නිගමනය

නිවැරදි තීරණ හා නිවැරදි ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවටද , ශක්තිමත්ව නැගී සිටිය හැක . ඊට අවශය  විභවතාවයන් රට තුල ඇත. ආසියානු ආර්ථික අර්බුදයෙන් පසුව තායිලන්තය එසේ නැගී සිටි අතර , ශ්‍රී ලංකාවටද එය කල  නොහැකි වීමට හේතුවක් නැත.

 

මංගල කරුණාරත්න විසින් The morning පුවත්පතට ලියු ලිපියක් ඇසුරෙනි .

(  මංගල කරුණාරත්න , Silicon Valley හි විධායකයෙකු වන අතර , ඩිජිටල් නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා විශේෂිත වූ බුටික් මෘදුකාංග ඉංජිනේරු සමාගමක් වන Calcey Technologies හි නිර්මාතෘවරයා  සහ ප්‍රධාන විධායක නිලධාරීයාද වේ)

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී