නවතම පුවත්

වැසි වනාන්තරයකින් හමුවූ පැරණිතම ශිලා මෙවලම් සමූහයක් ශ්‍රී ලංකාවෙන්

අසංක

අසංක

දකුණු ආසියානු වැසි වනාන්තරයකින් හමුවූ ලොව පැරණිතම ශුද්‍ර ශිලා මෙවලම් හෙවත් ශෛලමය මෙවලම් සමූහයක් , ශ්‍රී ලංකාවේ ෆාහියන් ලෙනෙන් හමුවී ඇත.

ශුද්‍ර ශිලා මෙවලම් හෙවත් මයික්‍රෝලිත්ස් නමින් හඳුන්වන, මෙම ගල් ආයුධ වසර 45000 ත් 48000 ත් අතර කාලයක් පැරණි බව පර්යේෂණවලින් තහවුරුවී ඇත.

ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ඉතා සුවිශේෂී කරුණු රැසක් මෙම පර්යේෂණය හරහා අනාවරණය වන බවත් ඒ අනුව මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ලෝකයටම ඉතා වැදගත්වන සොයාගැනීමක් වන බවත් මෙම පර්යේෂණ කාර්යයට මූලිකත්වය ගත් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා ” ද කලම්බෝ එක්ස්ප්‍රස්” වෙබ් අඩවියට පැවසීය .

ඔප මට්ටම් කර සකස් කරන ලද ගල් පතුරුවලින් මෙම මෙවලම් සාදා නිමකර ඇති අතර ඒවා නිවර්තන වැසි වනාන්තර වල සැඟවී සිටින මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ සතුන් දඩයම් කිරීමට යොදාගෙන ඇති බවට තහවුරු ව ඇති බවද .වෙදගේ මහතා මෙහිදී සඳහන් කළේය .

” මීට පෙර විද්‍යාත්මක මතයවී තිබුනේ , ප්‍රාග් ඓතිහාසික මානවයා වැසි වනාන්තර ආශ්‍රිත පරිසරයන්හි ජීවත්වීමට කැමැත්තක් නොදක්වූ බවයි. එම නිසාම ඔවුන් වැසි වනන්තර මග හැර ගිය බවටද මතයක් පැවතුනා . නමුත් අපගේ මෙම සොයාගැනීම හේතුවෙන් ප්‍රාග් ඓතිහාසික මානවයා මීට අවුරුදු 48000 කට පෙරත් දකුණු ආසියානු වැසි වනාන්තරවල සාර්ථකව ජීවත්වී ඇති බව තහවුරු වනවා.. මේ නිසාම මානවයාගේ ව්‍යාප්තිය අප බොහෝ දෙනෙකු සිතා සිටියාටත් වඩා වැඩි විව්ධත්වයකින් යුතුව සිදුව ඇති බවද මේ හරහා තහවුරු වෙනවා ” යැයි වෙදගේ මහතා මෙහිදී විස්තර කළේය

“එසේම මෙම ගල් ආයුධ සිතා මතාම සැලසුම් කර සකස් කල ආයුධ බවටද ඔප්පුකිරීමට සාධක තිබෙනවා . ලී දඩු වලින් සකසන ලද “හෙල්ලයන් ” , වැනි ආයුධවලට ” ඔබ්බවන්නට ” හැකි ලෙස මෙම ගල් ආයුධ සකස් කර තිබීමද ඉතා සුවිශේෂී කරුණක් . එසේම මෙම ආයුධ ජ්‍යාමිතික හැඩතලවලට බොහෝ සමාන ලෙස සකස් කර තිබෙනවා . ඒ අනුව එතරම් ඈත අතීතයක , ජ්‍යාමිතික හැඩ තල පිළිබඳව මානවයා සතුව තිබු දැනුම පිළිබඳවද මේ හරහා පැහැදිලිවෙනවා, ” යැයිද වෙදගේ මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය .

“ඈත සිට සතුන්ට පහරදිය හැකි ආකාරයෙන් ශිලා මෙවලම් ඔබ්බවන ලද මෙවැනි ශුද්‍ර ශිලා වර්ගයේ ” ගල් ආයුධ” , භාවිතා කලේ දියුණු මට්ටමේ දඩයම් ක්‍රමෝපායන් භාවිතා කල සංස්කෘතීන් බව පැහැදිලි කරුණක් . යුරෝපයේ මෙවැනි ආයුධ දකින්න ලැබුනත් දකුණු ආසියානු කලාපයෙන් මෙවැන්නක් පිළිබඳව මෙතරම් ඈත අතීතයකින් තොරතුරු වාර්තා වන්නේ ප්‍රථම වරටයි ” වෙදගේ මහතා අප වෙත පැහැදිලි කළේය .

ෆාහියන් ලෙනේ කැනීම් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු හා සාක්ශි රැසක් මේ වනවිට අනාවරණය වී .ඇති බවත් මෙම ගල් ආයුධ හරහාද ඒවා වඩාත් තහවරු වන බවත් වෙදගේ මහතා පැවසීය .

මෙම ෆාහියන් ලෙනෙන් මෙම ශිලාමය ආයුධ සොයාගැනීමට අදාළ ක්‍රියාවලිය පිළිබඳව වෙදගේ මහතා මෙලෙස අපට විස්තර කළේය .

” මෙම කැනීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළා . ඒ 2009 වසරේ . 2012 වසර දක්වාම එම කැනීම් අඛණ්ඩව ක්‍රියාත්මක වුනා .පසුව 2012 වකවානුවේ , එම ආයුධ පිලිබඳ විශේල්ෂණ හා පර්යේෂණ කටයුතු කිරීම සඳහා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයද එකතුවුනා. අනතුරුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එම කටයුතුවලට එක්වුණා . ඒ පිලිබඳ නවීන විද්‍යාත්මක විශ්ලේෂණයන් කිරීමට අපගේ රට තුල පහසුකම් නැහැ . එමනිසා ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සහය ඊට ලැබුනා . අප එහිදී කල පර්යේෂණවලින් තමයි මෙම ශුද්‍ර ශිලා මෙවලම් වල පෞරාණික බව නිවැරදිව අනාවරණය කරගන්න හැකිවුණේ .

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී