නවතම පුවත්

වැ. පොලිස්පති නිර්දේශ නොතකා කොමිසම හිතුමතේ දුන් DIG මාරුවීම් 09ක් අත්හිටුවයි

අසංක

අසංක

ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ නිර්දේශ නොතකා හිතුමතේට ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවීම් 09 ක් ක්‍රියාත්මක නොකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.


ඉකුත් 01 වෙනිදා රැස්වූ ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් අනුමැතියට ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවීම් විස්සකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ඇත.


පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලබාදීමට නිර්දේශ කර ඇත්තේ අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානී තනතුරය.

එහෙත් ජාතික පොලිස් කොමිසමය ඒ වෙනුවට ඒ මහතාට ස්ථාන මාරුවීම ලබාදීමට නිර්දේශකර ඇත්තේ පොලිස් දුක් ගැනවිලි අංශයටය.

එසේම අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතාටත් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ලබාදුන් ස්තාන මාරුවීමය ක්‍රියාත්මක කිරීමට පවා අනුමැතිය ලබාදී නැත.


වැඩ බලන පොලිස්පතිවරයාගේ නිර්දේශ නොකතකා පොලිස් කොමිසම හිතු මතේට ක්‍රියාත්මක වී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාගේ නිර්දේශ ක්‍රියාකත්මක නොකිරීමට සාධාරණ හේතු දැක්වීමකින් තොරවය.

එබැවින් ඒ ගැන ව්‍යවස්ථා සභාව පවා දැනුවත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කරමින් වැඩ බලන පොලිස්පතියවරයාගේ නිර්දේශයන්ට පිටින් ලබාදුන් කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අදාල ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකිරීමට පියවර ගෙන තිබේ.


පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හෙට (08) ජාතික පොලිස් කොමිසම රැස්වීමෙන් පසු වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කල ස්ථානමාරුවීම්වලට අනුමැතිය ලබාදෙන ලෙසය.

එසේ ලබාදීමට නොහැකි නම් ඊට සාධාරණ හේතු දැක්වීමක් කරන ලෙසද ඉල්ලා තිබේ.

ඉකුත් 01 වෙනිදා රැස්වූ ජාතික පොලිස් කොමිසම විසින් ලබාදුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙසේය.

ඩබ්.එස්.ඊ. ජයසුන්දර මහතා නි.පො.ප ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය සිට පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස

කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා නි.පො.ප අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශය සිට නි.පො.ප අගමැති ආරක්ෂක දිසාව ලෙස

එස්.ඩබ්.එම්. සේනාරත්න මහතා නි.පො.ප පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශය සිට නි.පො.ප තොරතුරු තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන දිසාව ලෙස

යූ.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මහතා නි.පො.ප නුගේගොඩ කොට්ඨාශය සිට නි.පො.ප මොණරාගල දිසාව ලෙස

ටී.සී.ඒ. ධනපාල මහතා නි.පො.ප මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාශය සිට නි.පො.ප පොලිස් විශේෂ කාර්යාංශය ලෙස

ජී.එම්.එච්.බී. සිරිවර්ධන මහතා නි.පො.ප පොලිස් මූලස්ථානය සිට නි.පො.ප පුත්තලම දිසාව ලෙස

පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා නි.පො.ප මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිට නි.පො.ප මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ලෙස

එන්.එල්.සී. සම්පත් කුමාර මහතා නි.පො.ප සහකාර අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව ලෙස

එම්.එන්. සිසිර කුමාර මහතා නි.පො.ප මහනුවර කොට්ඨාශය නි.පො.ප මානව සම්පත් කළමනාකරණ දිසාව ලෙස

ජේ.ඒ.ඩී.එම්. ප්‍රියන්ත ජයකොඩි මහතා නි.පො.ප නි.පො.ප පොලිස් මූලස්ථාන දිසාව සිට නි.පො.ප දුක්ගැනවිලි විසඳුම් දිසාව ලෙස

ඩබ්.එම්.එම්. වික්‍රමසිංහ මහතා නි.පො.ප නි.පො.ප දුක්ගැනවිලි විසඳුම් දිසාව නි.පො.ප රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව ලෙස

එල්.එච්.කේ.ඩබ්.කේ. සිල්වා මහතා නි.පො.ප අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසාව සිට නි.පො.ප අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව ලෙස

කේ.අජිත් රෝහණ මහතා නි.පො.ප නි.පො.ප රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව සිට නි.පො.ප නීති, විනය හා කල්ක්‍රියා දිසාව ලෙස

ඒ.එච්.එම්.ඩබ්.සී.කේ. අලහකෝන් මහතා නි.පො.ප පොලිස්පතිගේ මාණ්ඩලික නි.පො.ප නුවරඑළිය දිසාව ලෙස

ජගත් පලිහක්කාර මහතා නි.පො.ප මොණරාගල දිසාව හා නි.පො.ප බදුල්ල දිසාව (වැ/බ) සිට නි.පො.ප පොලිස් මූලස්ථාන දිසාව

එල්.කේ.ජේ.ජී. සරත් පීරිස් මහතා නි.පො.ප විශේෂ කාර්යාංශය සිට නි.පො.ප බදුල්ල දිසාව ලෙස

පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා නි.පො.ප බඳවාගැනීම්, පුහුණු, ජාත්‍යන්තර සබඳතා සහ මානව සම්පත් කළමනාකරණ දිසාව සිට නි.පො.ප බඳවාගැනීම්, පුහුණු, ජාත්‍යන්තර සබඳතා දිසාව ලෙස

මෙම ස්ථාන මාරුවීම් 17 න් පොලිස් මූලස්ථානය විසින් ක්‍රියාත්මක කල නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවීම් මෙසේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්