නවතම පුවත්

විජේවීරගෙ ‌වෛද්‍යවරයා මහාචාර්ය අතුල සුමතිපාල ලංකාවේ නිරෝධායන ක්‍රියාවලිය ලොවටම ආදර්ශයක් බව කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලන්ඩනයේ සිට පැමිණි ලෝ ප්‍රකට මහාචාර්ය අතුල සුමතිපාල ලංකාවේ නිරෝධායන ක්‍රියාවලිය ලොවටම ආදර්ශයක් බව කියයි

• ඇතමෙක් ඔහුව දන්නෙ විජේවීරගෙ වෛද්‍යවරයා විධියට
• පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පුරෝගාමියා
• ජනපති ගෝඨාභයගෙ නායකත්වය හා කැපවීමත් අගය කරයි


ලොව වටා රටවල් මුහුණ පා සිටින කොවිඩ්-19 (කොරෝනා) වසංගතය හමුවේ රෝගය පැතිරවීම පාලනය කිරීමට ඒ ඒ රජයන් විවිධ උපක්‍රම භාවිතා කරයි.
ශ්‍රි ලංකාව මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් කොවිඩ් -19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමට මුල පුරා තිබේ.
පසුගිය කාලයේ මෙරට නිරෝධායන සම්බන්ධයෙන් විවිධ මතවාද මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකේයන් සමාජ ජාලා මට්ටමෙන් පළ කළේ ගුවන් තොටුපළේදි හෝ නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළුවීමටත් පෙරය.
එංගලන්තයේ කීල් විශ්ව විද්‍යාලයට සම්බන්ධ මනෝ වෛද්‍යවේදය පිළිබද මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතුල සුමතිපාල මහතා ලන්ඩනයේ සිට පැමිණ දැනට දියතලාව යුද හමුදා කදවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා (MBBS, DFM, MD, FSLCGP (Sri Lanka), MRCPsych, CCST (UK), PhD (Lond) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හැදෑරුවෙකි. මෙරට පර්යේෂණ හා සංවර්ධන ආයතනය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේද ඔහුය.
දේශ හිතෛෂියෙකු ලෙස ප්‍රකට මහාචාර්ය අතුල සුමතිපාල මහතා, බොහෝ දෙනෙක් රෝහණ විජේවීරගේ වෛදවරයා ලෙස හදුනති.
මේ වනවිට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්‍රයේද, පර්යේෂණ ක්ෂේත්‍රයේද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබු ෆේස්බුක් සටහන මේ වනවිට ආන්දෝලනාත්මක වී තිබේ.
ඒ ඔහුවිදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමින් තබා ඇති මෙරට නිරෝධායන ක්‍රියාවලිය විශිෂ්ට බවට කරන ප්‍රකාශයයි.
ඔහු ඒ සමාජ ජාල පණිවුඩයේ සදහන් කරන පණිවුඩය මේ රටේ සියලු ජනතාව කියවා තේරුම්ගත යුතු යැයි හැගෙයි. ඊට හේතුව නම් මෙතෙක් කල් සිදුවු විවේචනවලට සෞඛ්‍ය ක්ෂත්‍රයේ ලෝ ප්‍රකට විද්වතෙක් වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා තැබු සටහනේ පිළිතුරු අන්තර්ගතවී තිබීමයි.

මහාචාර්ය අතුල සුමතිපාල මහතා තබා ඇති සටහන මෙසේය.

දයාබර හිතවතුනි, ලැබෙන මුල්ම අවස්ථාවෙන් මේ පණිවුඩය ඔබවෙත ගෙන ඒම මාගේ යුතුකමක් ලෙස සලකමි. මම මාර්තු 18 ලංකාවට පැමිණියා. මට දියතලාව ඇකඩමියේ පවත්වාගෙන යන නිරෝධායක කදවුරේ කාර්ය මණ්ඩලයට අනුගතව නිරෝධායනයට ලක්ව සිටිමි.
ලන්ඩනයේ හීතෲ ගුවන් තොටුපළේ සිට මෙතනට පැමිණීම දිගු කතාවක්. ඒත් කියන්න තියෙන සාරංශය ඉතාම පැහැදිලියි. ඉතාම කල්පනා කාරී ලෙස සැලසුම් සහගත ලෙස ගෙනයන මෙම වැඩපිළිවෙල ලෝකයටම ආදර්ශයක්. ඒ නිසා මම කාගෙනුත් ඉල්ලන්නෙ නොකෙරෙන පොඩි පොඩි අඩුපාඩු ගැන හෝ මීට වඩා කළ හැකියැයි සමහරු හිතන දේ ගැන නෙමෙයි කතා කරන්න උවමනා.
මේ ඉහළින්ම කෙරෙන සාධනීය දේයි. මේ කොරෝනා වසංගත මර්දනයට එරෙහි වැඩපිළිවෙලට හමුදාව සම්බන්ධ කර ගැනීම, මම අවධාරණය කරනවා ඉතාමත්ම නිවැරදි තීරණයක්. ලෝකයේ ඇති ඉහළම සෞඛ්‍ය සේවාවන් අතර පවතින සුවිශේෂිව අපේ රටේ රෝග වැළැක්වීමේ සේවාවන් වගේම ප්‍රතිකාර්ය සේවාවන් අති විශිෂ්ටයි. මෙහිදී විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියන මාගේ ආදරණීය හා ගෞරවනීය මිතුරාටත් මගේ ආචාරය හිමිවේ.
සමස්ත සෞඛ්‍ය සේවයේ උදාර සහෘදයිනි, ත්‍රිවිධ හමුදාවේ විරෝධාර රණවිරුවනි, පෙරමුණු බල ඇණියේ ආදරණීය රාජ්‍ය සේවකයිනි, ඔබ සැමට මගේ හදපිරි ගෞරවය !


ලාංකේය ජාතියේ න්‍යාපත්‍රය දෙවැනි තැනට දමා පටු අරමුණු ඉදිරියට ගෙන ඒමේ ඉඩ කඩ අහුරාලමින් සමස්ත ශ්‍රි ලංකා වැසියනි ඔබ ඔබගේ නොමසුරු කැපවීම, මේ අවස්ථවේ මේ රජය ගෙනයන කොරෝනා පැරදවීමේ සටනට පුද කිරීම අතිශයින්ම වැදගත්ය.
සේනාධිනායක ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ජාතිය ඔබෙන් මේ අවස්ථාවේදී ඉල්ලන දේශපාලන නායකත්වය ඉතාමත්ම නිවැරදිව කැපවීමෙන් ඉටු කරන ඔබතුමාට ශ්‍රි ලාංකේය ජාතිය මෙම අර්බුධයෙන් මුදා ගැනීමට ඇති හැකියාව පිළිබදව ඇති දැඩි විශ්වාසයෙන් මෙම සටහන නිමකරමි.

මේ මොහොතේ නිරෝධනයේ ඉදන් මට ලාංකීය ජාතියට කල හැකි පුංචිම මෙහෙවර මේ පණිවිඩය

Publiée par Athula Sumathipala sur Dimanche 22 mars 2020
image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී