නවතම පුවත්

විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණ නව පර්යේෂණවලින් චීනය ඉදිරියෙන්

අසංක

අසංක

ලොව පුරා , විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණයට අදාළ නව පර්යේෂණයන් සිදුකිරීම, සීග්‍ර ලෙස වර්ධනය වෙමින් ඇති බවත්, ඒ අතරින්ද ලොව සියලු රටවල් අභිබවා ඉදිරියටම පැමිණීමට චීනය සමත්ව ඇති බවත් ඇමෙරිකානු විද්‍යා පදනම මගින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

පසුගිය 2018 වසරේ පමණක් විද්‍යාත්මක හා ඉංජින්රු තාක්‍ෂණයට අදාළ නව පර්යේෂණ වාර්තා 25 ,55959 ක ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව ඇති අතර , එය මීට දශකයකට පෙර ප්‍රකාශයට පත්වූ පර්යේෂණ වාර්තා ප්‍රමාණයට සාපේක්ෂව සියයට 30 ක පමණ වර්ධනයක් වන බවද ඇමෙරිකානු විද්‍යා පදනම සඳහන් කර සිටී .

චීනය එම 2018 වසර තුල නව පර්යේෂණ වාර්තා 528263 ක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය ලොව පුරා ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තා සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 20 කට අධික ප්‍රමාණයකි. එසේම පසුගිය දශකය තුල , චීනයේ මෙම නව පර්යේෂණ අංශය වාර්ෂිකව සියයට 8 කින් වර්ධනය වී ඇති බවද වාර්තාවේ.

2018 වසරේ දෙවනියට වැඩිම නව පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ඇමෙරිකාව වන අතර එරට නිකුත් කර ඇති පර්යේෂණ වාර්තා සංඛ්‍යාව 422808කි . එසේම මෙම ලයිස්තුවේ තෙවැනි තැන දිනාගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර එරට එම වසරේ නිකුත් කර ඇති පර්යේෂණ වාර්තා ප්‍රමාණය 135788 කි .

සමස්තයක් ලෙස ලොව පුරා මෙම නව විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත්වීම වසරක් පාසා සියයට 4කින් වර්ධනය වන බවද ඇමෙරිකානු විද්‍යා පදනම පෙන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්