නවතම පුවත්

විනිසුරු ගිහාන් අත්අඩංගුවට නොගැනීමේ තීරණයක්

අසංක

අසංක

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ ඇමතුම් සංවාද හඬපටිවලට අදාළව ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නො ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ බව නීති නිලධාරීන් වෙත ද නොනිළ වශයෙන් දන්වා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පැවැසීය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පසුගියදා නියෝග කර තිබුණි.

රංජන් රාමනායක මහතාගේ තර්ජන හා සංවාද සම්බන්ධයෙන් මුල්ම පැමිණිලිකරු ලෙස ගිහාන් පිලිපිටිය මහතා හඳුනාගෙන තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බවට පොලිස් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ අධ්‍යයන කමිටුවක් මගින් කරන ලද විමර්ශනයකින් අනතුරුව තීරණය කර ඇත.

මන්දයත් විනිසුරුවරයා දිගින් දිගටම රන්ජන් රාමනායක මහතා සමඟ සමඟ සංවාද සිදු කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ය.

මේ තත්ත්වය හේතුවෙන් ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරදක් නොමැති බවට විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ විමර්ශන තත්ත්වය දන්වමින් සහ විනිසුරුවරයා අත්අඩංගුවට ගත යුත්තේ කුමන නීති උල්ලංඝනය කිරීම යටතේ දැයි විමසමින් නීතිපතිවරයා වෙත ලිපිය ද මීට පෙර යොමු කර තිබුණි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?