නවතම පුවත්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමේ යෝජනාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමේ යෝජනාවක් පළ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෝවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් අතරමැද නවතා දැමීමට සිදු වූ අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග මෙම වසර අවසන්වීමට පෙර පවත්වා අවසන් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මේ වනවිටත් එම තරග එළබෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, සාජා හා අඩුඩාබි කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහාද සත්කාරකත්වය ලබාගෙන සිටින ඉන්දියාව, එම තරගාවලියද ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන්හිදී පැවැත්විය යුතුව ඇත.

මෙලෙස විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය හා අයි.පී.එල්. ඉතිරි තරග යන ප්‍රධාන පෙළේ තරගාවලි දෙකක් එකම කාලසීමාවක පැවැත්වීමට සිදුවීමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය දැඩිව කාර්ය බහුල වීමට සිදු වේ. ඒ හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදීමට අවධානය යොමුව තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට විස්සයි20 ලෝක කුසලාන සත්කාරකත්වය ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ක්‍රිකට් ආයතනය අතර මේ දක්වා කිසිඳු විඳිමත් සාකච්ඡාවක් පවත්වා නොමැති බවද වාර්තා වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්