නවතම පුවත්

වෙල්ගම් වෙහෙරටත් හානි – නැගෙනහිර බොදු උරුම විනාශය දිගටම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහ විහාරයේ ප්‍රධාන පිළිමගෙයි ප්‍රවේශ දොරටුව අසල බැම්මට හානි කර ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කල දැනුම් දීමක් මත විමර්ශණ ආරම්භ කල බව උප්පුවේලි පොලිසිය කියයි. 

ක්‍රි.ව. 10 හා 11 වන සියවස් වලට අයත් දෙමල ශිලා ලිපි හමුවන අනුරාධපුර මුල් යුගයේ නිර්මාණය කරන ලද බවට සැලකෙන වෙල්ගම් වෙහෙර රජමහ විහාරයේ ප්‍රධාන පිළිමගෙයි ප්‍රාකාර බැම්මට මෙසේ හානි කර තිබේ.

මෙය කිසිවෙකු විසින් හිතාමතා කරන ලද්දක්ද එසේත් නැතිනම් වෙනත් ක්‍රියාවක්ද යන්න පිළිබදව විමර්ශණ පවත්වන බව එම ස්ථානය නිරික්ෂණය කිරිමට පැමිණි උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසංග මහතා පැවැසීය. මේ වනවිට එම පුරාවිද්‍යා ස්ථානයෙහි පැවැති මුර ලොග් සටහන් පොත පොලිස් භාරයට ගෙන ඇති අතර ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි විමර්ශණ ආරම්භ කර තිබේ.

අග්‍රගන්‍ය ප්‍රථිමා ගෙයක නටඹුන් මෙන්ම දා ගැබක පොහොය ගෙයක හා බෝධිඝරයකද නටඹුන් මෙම ස්ථානයෙන් හමුවන බවත් 1929 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය සොයා ගෙන  මෙහි පවතින නටඹුන් සංරක්ෂණය කරන ලද බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා හානි කල ස්ථානය නිරික්ෂණය කිරිමෙන් පසුව පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි