නවතම පුවත්

වෙසක් දින සුනඛයකුට වෙඩි තැබු තිරිසන් කතාව

අසංක

අසංක

වෙසක් පොහොය දිනයේ අසන්නට ලැබුණු හද කම්පා කරන සිදුවීමක් මීගමුව පෙරියමුල්ලෙන් අසන්නට ලැබිණි. තෙමගුල සිහිවන වෙසක් දිනය උදාවී හෝරා කිහිපයක් ගතවන තැන අසන්නට ලැබුණු මෙම පුවත බොහෝ දෙනෙකුගේ හදවත සිදුර කළ හී සරක් මෙන් නෙතට කදුලක් එක් කළේය.

ශාන්ත අන්තෝනි පාරේ පිහිටි බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නිවසේ සිටි මැක්ස් සුනඛයාට ඉවසිල්ලක් නැතිව සිටියේ නිවසේ ගේට්ටුවෙන් මදක් ඇවිද ගොස් නැවත නිවසට පැමිණීමේ ප්‍රීතිය සැමරීමයි. උදෑසන 6.10 ට පමණ සුරතලයට නිවසේ හැදී වැඩෙන සුනඛයාගේ ඉල්ලීමට පිටින් යාමට බ්‍රිටෝ ප්‍රනාන්දුට නොහැකි විය. එසේ පෙරත්තට ඉඩ දුන් පසු සිදුවුයේ කුමක්දැයි බ්‍රිටෝ ප්‍රනාන්දුම මාධ්‍යට පවසා තිබුණේය.

මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල.යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

වසර 11ක් තිස්සේ සුරතලකු ලෙස නිවසේ ආදරය දිනු මැක්ස්, අවසන් වරටද ඒ ආදරය වින්දේ නිවසෙන් පිටතට යාමට තිබු විවිධ බාධක ආදරයේ නාමයෙන් ඉවත් කරවා ගනිමිනි. නමුත් නිමේශයකින් සිදුවුයේ කිසිවෙකුත් නොහිතන අපරාධයකි.

සුනඛයා තිරිසනෙකු නිසා, ඌටද මේ ගමනේ පරත් තෙරක් නැතිවුයේය. මිටින් හල කුරුල්ලකු මෙන් ගේට්ටුවෙන් පිටතට පැනගත් සුනඛයා අන්තෝනිපාරේ ඉදිරියට ඇදුනේය.

ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවැසුවේ දරාගත නොහැකි ශෝකයෙනි.

තිරිසන් සතෙකුට වෙඩි තබා ඝාතනය කරන තැනක, මිනිසෙකුට ලැබෙන වටිනාකම් ගැන කවර කතාවක්ද ? කොතරම් ගැටලු තිබුණත්, බොහෝ දේ සාකච්ඡාවෙන් විසදා ගත හැකිව තිබියදී මෙම පාපතර ක්‍රියාවට මුල පුරා තිබුණේ සමාජයේ කුමන තක්සේරුවක් නිසාදැයි කීමට නොහැකිය.

ශ්‍රි ලංකාව වසර ගණනාවක් තිස්සේ සත්ත්ව සුබ සාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නැයි ඉල්ලමින් කල් ගෙවන රටකි. එසේම සත්ත්ව සුබ සාධන පනත බලාත්මකව වන්නේ කවදාදැයි විමසුවද ආණ්ඩුවෙන් ආණ්ඩුවට විසදුමක් නොමැතිව මේ දක්වාම තට්ටු මාරුවන පිළිවෙතක කල් ගෙවන රටකි.

ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය ඇතුළු ස්ලයිකැන් භාරය වසර ගණනාවක් තිස්සේ සත්ත්ව සුබ සාධන පනත කෙටුම්පත, එය කෙටුම්පත් අවදියේ පටන් මේ දක්වා පනතක් ලෙස බලාත්මක කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරමින් ප්‍රබල මැදිහත්වීමක් ලබාදෙයි. එසේ වුවද තවතම් බලාත්මක නොවන සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත නිසා, ඉදිරියටත් මෙවැනි අවාසනාවන්ත ප්‍රවෘත්ති ඇසීමට අපට සිදුවන බව නොඅනුමානය.

කෙසේ වෙතත් 119 ඇමතුමට අනුව මීගමුව පොලිසිය මෙම සිද්ධිය වු වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ සුනඛයා මරා දැමුවායැයි චෝදනාව ශා. අන්තොනි පාරේ අංක 70 නිවසේ වෙසෙන විශ්රාමික පොලිස් නිලධාරියෙකු කෙරෙහි චෝදනා එල්ල වී තිබියදීය. පුද්ගල ක්‍රියාවකට ඇතැම්විට එක් දෙපාර්තමේන්තුවක් කෙරෙහි වෛරයකින් බැලිය යුතු නොවන බවට කදිම හැසිරීම එයවේ.

එතැනින් එපිටට ගිය විට කොවිඩ්-19 වසංගතය හමුවේ මහ මග අසරණ වු සුනඛයන් ඇතුළු සුරතල් සතුන් දහස් ගණනට සිය අහාරවේලෙන් කොටසක් දීමට,පොලිසිය පමණක් නොව අදාල මෙහෙයුමට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතමෙකු පෙරමුණ ගත් බව නොරහසකි. ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු ඇදිරිය ලිහිල් කළ බලපත්‍ර මුදාහැර සුරතල් සතුන්ට අහාර පාන ලබාදීමේ ඉඩ ප්‍රස්ථාව සත්ත්ව ලෝලීන්ට ලබා දී තිබිණි.

මේ අතර පසුගිය 07 වැනිදා අදාල සුනඛයා ඝාතනය කළ බවට චෝදනා එල්ල වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්ලෙමන් සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මීගමුව පොලිසිය සදහන් කරයි.

චෝදනා ලැබු පාර්ශවයෙන් පොලිසියට පවසා තිබුණේ අදාල සුනඛයා දෛනිකව සිය නිවස ඉදිරිපිටට පැමිණ මළ පහ කිරීම සම්බන්ධයෙන් උරණව සිටි බවයි. වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම කළ බව විශ්‍රාමික පොලිස් නිලධාරියා පැවැසු බව මීගමුව පොලිසිය සදහන් කරයි.

මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු අදාල සැකකරු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ. ලබන 20 වැනිදා නැවතත් මෙම නඩු විභාගය කැදවීමට නියමිතව තිබේ.

මෙම අවනඩුව විසදීම දැන් අධිකරණයට භාරය. නමුත් සත්ත්වලොලීන්ගේ පැත්තෙන් නම් මෙම අවනඩුව විසදෙන්නේ කවදාදැයි ගැටලුවකි.ඒ මෙවැනි එක් සිදුවීමක් නිසා නොව කාලාන්තරයක් තිස්සේ සිදුවන මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට නීතිමය ප්‍රතිපාදන තවමත් සීමා සහිත බැවිනි.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත හිරවී ඇති ලාච්චුවෙන් දැන් වත් එළියට ගත යුතු නොවේද ?

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි