නවතම පුවත්

වේගා වෙතින් විදුලියෙන් දුවන ත්‍රිරෝද රථයක් ලබන වසරේදී මෙරට වෙළෙඳපොළට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ නිපදවන ලද විදුලියෙන් පමණක් ධාවනය වන නවතම ත්‍රිරෝද රථයක් ලබන වසරේ අප්‍රේල් පමණ වනවිට වෙළෙඳපොළට හඳුන්වා දෙන බව Vega innovations සමාගම පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසන්නේ මෙම ත්‍රිරෝද රථය විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය අරඹන බවයි.

ලබන ජනවාරි මාසය වනවිට ත්‍රිරෝද රථ 7ක් මුළුමනින්ම නිෂ්පාදනය කිරීමටත් තවත් එකලස් කරන ලද ත්‍රිරෝද රථ 3ක් දිගු කාලයක් අඛණ්ඩව අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමටත් හැකි වන පරිදි කටයුතු සිදුකරන බව අධ්‍යක්ෂවරයා කීය.

වේගා සමාගම විසින් සැලසුම් කර නිෂ්පාදනය ද මෙරට තුළම සිදුකිරීමට ඔවුන් අපේක්ෂා කරයි. දැනටමත් මේ සඳහා අප්‍රිකාවේ ඉල්ලුමක් ලැබී ඇනවුම් සඳහා විමසුම් කෙරෙන බව හෙතෙම අනාවරණය කළේය.

මෙම අවස්ථාවේ රට තුළට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම ත්‍රිරෝද රථය මුළුමනින්ම විදුලියෙන් ධාවනය වන බැවින් ඒ සඳහා එන්ජිමක් නැත.

එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් අවම වශයෙන් ධාවනය කළ හැකි ය. වහළය මත සවිකළ සූර්ය පැනලය මගින් අව්වේ ධාවනය වෙමින් තිබියදී හා අව්වේ නවතා තිබියදී චාජ් වීමක් (ආරෝපණයක්) සිදුවන බැවින් අමතර දුරක් ධාවනය සඳහා එය ඉවහල් වන බව ඔහු කීය.

“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩි, වසර 5ක වියදම ඉතාම අවම, සැපපහසු රථයක් විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ. මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.” අධ්‍යක්ෂවරයා කීය.

මෙම විදුලි ත්‍රීරෝද රථ සඳහා 2027 දී ඩොලර් බිලියන 32.65 ක ගෝලීය වෙළෙඳපොළක් එම සමාගම අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සඳහා රජයේ අනුග්‍රහය ලබාදෙන්නේ නම් මෙරට ජනතාවට පහසු මිලට වඩා හොද ත්‍රිරෝද රථයක් මිලට ගැනීමේ අවස්ථාව උදාකළ හැකි බවත් විදේශීය ඉල්ලුම් සඳහා අවශ්‍ය සැපයුම් කඩිනමින් කිරීමටත් හැකි බව එම සමාගම අවධාරණය කරයි.

ජාත්‍යන්තරයට හඳුන්වා දුන් සුපිරි වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගම ය.

මීට පෙර වේගා සමාගම ලෝකයට හදුන්වා දුන් සුපිරි මෝටර් රථය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි