නවතම පුවත්

වෛද්‍ය ෂාෆී සහබ්දීන්ට හිමිවිය යුතු හිඟ වැටුප් සහ සියළු දීමනා ලබාදීමට රජය එකග වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වඳ සැත්කම් කලැයි එල්ලවූ චෝදනා මත අනිවාර්ය නිවාඩු යවා සිටි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆී සහබ්දීන් හට වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද (23දා) දැනුම් දුන්නේය.

අනිවාර්ය නිවාඩු ගන්වා සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම කැඳවනු ලබු අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබු ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.
අභියාචනාධකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙනු සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය.

වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී හට වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු මුලික වැටුප්” දීමනා” ජීවන වියදම් දීමනා” අතුරු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා වැඩි දුරටත් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ලබන මැයි 31 වැනිදා යළි සළකා බැලීමට අභියාචනාධිකරණය නියම කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි