නවතම පුවත්

වෛද්‍ය ෂාෆිගේ අද නඩුව කුරුණෑගල රත් වෙයිද?

අසංක

අසංක

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි නඩුවේ මහේස්ත්‍රාත් විභාගය අද යළි කැඳවේ.

අද නඩුව වෙනත් නඩු වාරවලට වඩා විශේෂ ය.

ඒ මෙම නඩුව අද විභාගයට ගැනෙන්නේ නඩුව විමසන කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට එරෙහිව රහස් පොලීසිය හා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබියදී ය.

පසුගිය නඩු වාරයේදී මෙම විමර්ශනය කරන රහස් පොලීසියට මේ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වීම මහේස්ත්‍රාත්වරයා වැලැක්වීය.

ඒ වෙනත් අංශයකට මෙම විමර්ශනය බාරදී ඇතැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.

එම නඩුවාරයේදී සිදුවූ පටලැවිල්ල මෙසේය.

වෛද්‍ය ෂාෆිගේ නඩුවට අදාළව අගතියට පත් මවකගේ පාර්ශවයේ නීතීඥයකු විසින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළේ විමර්ශනය කරන රහස් පොලීසියෙන් මෙය ඉවත් කොට වෙනත් අංශයකට පවරන ලෙසය.

වෙනත් කිසිදාක නොමැති උනන්දුවකින් පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිට දන්වා සිටියේ මෙම විමර්ශනය රහස් පොලීසියෙන් ඉවත් කොට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලබාදෙන ලෙසයි.

ඒ නීතීඥවරයාගේ පැමිණිල්ලෙන් පැය 48ක් යාමටත් පෙරය.

පසුගිය සිකුරාදා නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී අදාළ නීතීඥවරයා අධිකරණයට පැවසුවේ මේ වනවිට මෙම විමර්ශනය රහස් පොලීසියෙන් ඉවත් කොට වෙනත් අංශකට භාරදී ඇති බවයි.

එය ඇසූ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට මෙම නඩුව සඳහා දැන් ඉදිරිපත් විය නොහැකි බවත් එය වෙනත් අංශයකට මාරු කර ඇති බවත් පවසමින් රහස් පොලිස් නිලධාරීන් නඩුවට ඉදිරිපත් වීම වැලැක්වීය.

මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය කළේ විමර්ශනය රහස් පොලීසියෙන් වෙනත් අංශයකට මාරු කර ඇති බවට කිසිඳු නිල දැනුම්දීමක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබෙන අවස්ථාවකදී ය.

කෙසේ නමුත් පොලිස් කොමිසමේ දැනුම් දීමට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබුණේ මෙම විමර්ශනය පැවැත්වීමට සුදුසු විශේෂඥයින් රහස් පොලීසිය පමණක් බැවින් ඔවුන් අඛණ්ඩව මෙම විමර්ශනය සිදුකරන බවත්ය.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම විමර්ශනය පැවැත්වීමට කිසිදු බලයක් නැති බවද වැඩබලන පොලිස්පතිවරයා එහි සඳහන් කොට තිබිණ.

එමෙන්ම විමර්ශන පැවැත්විය යුත්තේ කුමන අංශයදැයි තීරණය කිරීම මෙන්ම මාරු කරන්නේද ඒ කුමන අංශයකටදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ පොලිස්පතිවරයාට පමණි. පොලිස් කොමිසමට ඒ පිළිබඳ තීරණ ගැනීම හෝ පොලිස්පතිගෙන් ඉල්ලා සිටීමට බලයක් නොමැති බව ද පැවසේ.

වෛද්‍ය ෂාෆිගේ නඩුව මෙලෙස අද කැඳවෙන්නේ මෙවන් පසුබිමක ය.

විශේෂයෙන්ම නඩුව විභාග කරන මහේස්ත්‍රාත්වරයාගෙ නඩුව සම්බන්ධ හැසිරීමට එරෙහි පැමිණිලි දෙකක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් වී ඇති පසුබිමක වීම ද අද නඩුව උණුසුම් කිරීමට හේතු විය හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්