නවතම පුවත්

වෛද්‍ය ෂාෆිගේ ප්‍රශ්නය සතියකින් විසඳන්න පුළුවන්

අසංක

අසංක

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්‌ පිළිබඳ ගැටළුව සතියකින් විසඳිය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහුු ‌පෙන්වාදෙන්නේ සංඛ්‍යාන අධ්‍යනයකින් ‌මෙම ප‍්‍රශ්නය වහා විසඳිය යුතු බවය.

හෙට්ටිපොළ පඬුවස්නුවර සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ උත්සව‌ෙයේදී අමාත්‍යවරයා මෙම අදහස් ප‌ළ කළේය.

මෙය අධිකරණ හමුවේ වසර ගණනක් රස්තියාදු වෙමින් නීති තර්ක මතු කරමින් විසඳාගත යුතු ගැටළුවක් නොවන බවත් වෛද්‍ය සභාව සහ රජය විසඳිය යුතු කරුණක් බවත් ‌හෙතෙම ‌පෙන්වා ‌දෙයි.

මෙය සංඛ්‍යාන දැනුම ඇති විශ්ව විද්‍යාලයක සිටින ඕනෑම අයෙකුට සතියකින් විසඳාගත හැකි කාරණාවක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ෂාෆි වෛද්‍යවරයා හැර ශ‍්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ දත්ත රැස්කර ඒවා සසඳා විශ්ලේෂණය කිරීම මගින් මෙම ගැටළුව විසදාගත හැකි බවද අමාත්‍යවරයා කියාසිටියේ ය.

වෛද්‍ය ෂාෆි සහ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ සිසේරියන් සැත්කම්වලින් පසුව එම සැත්කම්වලට භාජනය වූ මව්වරුන්ට නැවත දරුවන් නොලැබී යාමේ සම්භාවිතාව සහ එම ප‍්‍රතිශත සිංහල දෙමළ හා මුස්ලිම් හැටියට කොපමණ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව පැහැදිලි කියවීමක් කිරීමෙන් ද මෙම ප‍්‍රශ්නය විසඳා ගත හැකි බවද ‌හෙතෙම කියාසිටියි.

මෙය වහාම විසඳිය යුතු බැරෑරුම් ගැටළුවක් ‌මෙන්ම සංවේදී කාරණයක් බවද ඔහු අවධාරණය කරයි. 

මෙවැනි සංවේදී ගැටළුවක් ක්‍ෂණිකවම ඒ වගේම සාධාරණව විසඳිය හැකිව තිබියදී එය උසාවි තුළ කල් මරමින් ඉදිරියට ‌ගෙනයාම වැළැක්විය යුතු බව ඔහුගේ අදහසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්