නවතම පුවත්

වෛද්‍ය හේමන්ත හේරත්ට මාධ්‍යවේදීන්ගේ විරෝධය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සිදුකල ප්‍රකාශයක් සම්භන්ධව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය නිකුත් කර ඇති විශේෂ නිවේදනයක් පහත දැක්වේ .

 

                           ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය  හෙලා දකිමු

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයකු ලෙස තමාව හඳුන්වා ගන්නා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යවේදීන් සමිබන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශය අපි තරයේ හෙලා දකිමු. මාධ්‍ය හමුවක් අවසානයේ මාධ්‍ය වේදීන් පිරිසක් ඉදිරියේ  හේමන්ත හේරත් මහතා සඳහන් කර ඇත්තේ  ” පසුගිය කාලේ මැරැමි කෑවෙි තර්ඩි ක්ලාස් මාධ්‍යවේදීන් ” බවයි. ඔහු, අනියමින් එම ඝාතන සාධාරණ කොට ඇති අතර, ඉදිරියටත් එවැනි ක්‍රියාවලියක යුක්ති සහගත බව තහවුරු කිරීමක්ද සිදු කරයි.

අනෙක් අතට, එම වෛද්‍යවරයා කියා සිටින්නේ ” අනවශ්‍ය ප්‍රශ්න අහලා මැරැමි නොකා ඉන්න ” වැනි ව්‍යංග්‍යර්ථ තර්ජනයකි.ලෝකෙ කිසිම රටක් හෝ සංවිධානයක් මාධ්‍යවේදීන් මේ ආකාරය වර්ගීකරණයක් කර නොමැත.හේමන්ත හේරත් ඒ වර්ගීකරණය කරන්නේ කුමන පදනමකින් දැයි වහාම පැහැදිලි කරන ලෙස ඔහුට සහ ඔහුව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපි තරයේ ඉල්ලා සිටිමු.

පසුගිය දශක ගණනාවක් පුරාම මෙරට මාධ්‍යවේදීහු විවිධ පාර්ශව අතින් මැරැමි කෑහ. ඝාතනයට ලක් වුහ.ඒ අතර ඒ ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවේ කීර්තිමත් ජාතික තලයේ මාධ්‍යවේදීන් ද චූල සම්ප්‍රදායේ ජනමාධ්‍යවල ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ අප්‍රකට මාධ්‍යවේදීන් ද , නිමලරාජන් වැනි උතුරේ මාධ්‍යවේදීන් ද සිටි අතර, බොහෝ ඝාතන ඒ ඒ ඝාතකයන් විසින් සහ ඒ කාලයේ පැවති ආණ්ඩු විසින් සාධාරණීකරණය කරනු ලැබීය.

එම නිසා එම ඝාතන ඒවා සමිබන්ධයෙන් නීතියේ යුක්තිය ඉටු නොවීය. වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෘත්තීයමය වෛද්‍යවරයෙකි. ඔහු , මිනිසා ජීවත් කරවීමට අදාල වෘත්තීයක නියැලෙන්නෙකි. එක්සත් ජාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් වල දී තහවුරු කර ඇත්තේ ජීවත් වීමෙි අයිතිය තහවුරු කිරීමයි.එය සුරක්ෂිත කිරීමට කිරීමට ශ්‍රී ලංකාවද බැඳී සිටී.

එබඳු වාතාවරණයක වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැනි වගකිව යුතු නිලධාරියෙකු කුමන තරාතිරමේ මාධ්‍යවේදියෙකු වුවද ඔහු මනුෂ්‍යයකු බැවින් මිනිසකු මරා දැමීම සාධාරණීකරණය කරමින් සිදු කර ඇති ප්‍රකාශය අපි තරයේ හෙලා දකිමු.
අදාල සිදුවීම සමිබන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණයක් පවත්වන්නැයි, ද එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසද අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය භාවය හා ආචාර ධර්ම පිළිබඳව හෝ ඇසිය යුතු ,නොඇසිය යුතු ප්‍රශ්න පිළිබඳව හෝ එහි වපසරිය පිළිබඳව තර්ජනාත්මකව ප්‍රශ්න කරමින් ජනමාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීමේ සීමාවන් සලකුණු කිරීමට වෛද්‍ය හේමන්ත හේරත් මහතාට සදාචාරාත්මක අයිතියක් තිබෙිද ? මරණීය තර්ජන නියමයෙන් හෝ අනියමින් එල්ල කිරීමට තරමි තත්ත්වයකට ඔහු පත්වීම සමිබන්ධයෙන් අපි මහත්සේ අපේ පිළිකුල ප්‍රකාශ කරමු.

 

උපුල් ජනක ජයසිංහ

සභාපති

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි