නවතම පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ “කෑම තියෙනවා”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුවන් මගියෙකු විසින් නිර්මාණය කරන ලදුව, මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙසේ කරුණු පහදයි.

එම වීඩියෝව හරහා ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තිය තුළ ආහාර නොමැති බවට සිදුකරනු ලබන ප්‍රකාශය ශ්‍රීලංකන් ගුවන් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එය ගුවන් සමාගම සම්බන්ධයෙන් මහජනයා තුළ අප්‍රසාදයක් ඇතිකරලීම වෙනුවෙන් හිතාමතා කරුණු විකෘතිකර දැක්වීමක් බව ද ප්‍රකාශ කරයි.

තව ද අදාළ ගුවන් යානයේදී ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාරවේල් හතරක් (කුකුළු මස්, සී ෆුඩ්, බීෆ් සහ නිර්මාංශ) අතුරින් කැමැති ආහාර වේලක් තෝරාගැනීමේ අවකාශ සලසා දී තිබූ බවත්, ගුවන් මගීන් සංඛ්‍යාව පදනම් කරගනිමින් අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගුවන්යානය තුළ පැවැති බවත් සමාගම සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ගුවන්සේවා ක්ෂේත්‍රය තුළදී ගුවන් මගීන්ට තමන් කැමැති ආහාර වේලක් තෝරාගැනීමේ අවස්ථාව සලසා දුන්න ද, සමස්ත මගී සංඛ්‍යාවටම අදාළ වන පරිදි සියලුම ආහාරවේල් සූදානම් කිරීමට කටයුතු නොකරයි. ඒ අනුව ගුවන් මගීහු තමන්ට ලැබෙන ආහාර තේරීම් අතුරින් එකක් තෝරාගැනීම සිදුකරති. සෙසු ගෝලීය ගුවන් සේවා මෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම ද, ගුවනේ පිළිගැන්වීම සඳහා අමතර ආහාරවේල් සපයාගැනීමේදී, සිදුවිය හැකි නාස්තිය අවම කරගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරයි. මන්ද යත්, එසේ අවධානය යොමු නොකිරීම තුළින් දැඩි ආර්ථික අලාභයක් සිදුවන අතරම, එය ගුවන් සමාගමේ තිරසාර ආචාර ධර්මවලට ද පටහැනි වන බැවිනි.

එමෙන්ම, මේ දක්වා ශ්‍රීලංකන්හි පියාසර කර ඇති ගුවන් මගීන්ගේ ප්‍රතිචාර සහ ආහාර රුචිකත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් ද ලබාගනිමින් ගුවනේදී පිළිගැන්වීමට ඒ ඒ ආහාරවේල් කොපමණ ප්‍රමාණයක් සූදානම් කරන්නේද යන්න පිළිබඳ කල්තබා සැලසුම් කරනු ලැබේ. ඒ අනුව, ගුවන් මගීන්ට සෑම විටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමිවන බව ගුවන් සමාගම තහවුරු කරයි.

ඒ අනුව, එක් ආහාර වර්ගයක්, සෙසු ආහාර වර්ගවලට පෙර අවසාන වීමේ හැකියාව පවතින අතර, ගුවන් සමාගම්වල සාමාන්‍ය පිළිවෙත වන්නේ ඒ වනවිට ඉතිරිව පවතින ආහාර වර්ග අතුරින් එකක් තෝරාගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට පිරිනැමීමයි.

මෙම වීඩියෝවේ අඩංගු වන්නේ එවැනි සිදුවීමකි. එනම්, ගුවන් මගීන් දෙදෙනෙකු විසින් ඉල්ලා සිටින ලද ආහාර වර්ගයක් ඒ වනවිට අවසන්ව තිබූ අතර, ඔවුන්ට වෙනත් ආහාර තෝරාගැනීම් සඳහා අවකාශ සලසා තිබුණි. කෙසේ වුව ද, එම වීඩියෝව රූගත කළ තැනැත්තා, රූගත කිරීම අතරතුර හිතාමතා හෝ වෙනයම් හේතුවක් මත ආහාර නොමැති බවට සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය සහ නොමඟ යවන සුලු බව පැහැදිලිය.

ශ්‍රීලංකන්හි ව්‍යාපාරික පන්තියේ ආහාරවේලකට Hors d̕eouvre, සැලඩ්, ප්‍රධාන ආහාරවේල, අතුරුපස, ශ්‍රී ලාංකික තේ, කෝපි සහ අවශ්‍යතාව අනුව පිළිගන්වනු ලබන දේශීය සහ විදේශීය පාන වර්ග අයත්වන අතර, ගමනාන්තයට ළඟාවීමේදී බටහිර පන්නයේ උදෑසන ආහාර වේලක් ද පිරිනැමෙයි.

තව ද, ආසන වෙන්කරවාගන්නා අවස්ථාවේදීම ගුවන් මගීන්ගේ විශේෂ ආහාර අවශ්‍යතා සපුරාලීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කැපවී සිටින අතර, විශේෂ ආහාර අවශ්‍යතා ඇති මගීන්ට කල්තබා ආහාර ඇණවුම් කරතැබීමේ පහසුකම ද සලසා දී තිබේ.

සිය ගුවන් මගීන්ට උපරිම සුවපහසුවක් සහ සත්කාරයක් සැලසීමට ජාතික ගුවන් සේවය කැපවී සිටින අතර, ඉදිරියටත් එම මෙහෙවර සිදුකිරීමට අපේක්ෂා කරයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?