නවතම පුවත්

ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සියල්ලම ඉවත් කරනවා – හරීන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17දා) සවස පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි තීරණයක් ගත්තා බංග්ලාදේශ සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් ඉවත් කරලා, එම පුරප්පාඩු පිරවීම ගැන සලකා බලන්න. ඒක වෙනස් විය යුතුයි.

ඕක ඉස්සෙල්ලා වෙනස් කරන්න කියලා ජනතාව කිව්වට, ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන වෙනස්කම් කරන්න බැහැ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටත් දුරකථනයෙන් අමතලා ඒ පිළිබඳ ලිපියකුත් ඔහුට යැව්වා. ඕනම පුහුණුකරුවෙකුට ඉලක්කයක් තිබිය යුතුයි. එම ඉලක්කයේ රැඳිය යුතුයි. එහි සියයට ගණනකින් රැඳිය යුතුයි. එහෙම නැත්නම් ඒ අය අයින් විය යුතුයි”යැයි පැවසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී