නවතම පුවත්

ශ්‍රීමා දිසානායක මවගේ වියෝව ගැන නවීන්ගේ කදුලු අකුරු

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

එක්සත් ජාතික පක්ෂයේත් රටේත් නොමැකෙන නාමයක් තැබු ගාමිණී දිසානායක මහතාගේ බිරිද වජිරා ශ්‍රිමතී දිසානායක මහත්මිය අද (29) අභවප්‍රාප්ත වුවාය. රෝගීව කොළඹ ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ගනිමින් සිටියදී ශ්‍රීමති දිසානායක මහත්මිය මෙලෙස අභවප්‍රාප්ත වී තිබේ.

1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව වු ශ්‍රීමතී දිසානායක මහත්මිය කා අතරත් ප්‍රකට වුයේ ශ්‍රීමා දිසානායක ලෙසය. එක්සත් ජාතික පක්ෂයේ 1994 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගාමිණී දිසානායක මහතා ඉදිරිපත්වී සිටියදී තොටළග බෝම්බයෙන් ගාමිණී දිසානායක ඇතුළු නායකයන් විශාල පිරිසක් මිය ගියහ.

ශ්‍රිමා දිසානයක මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කෙරුණේ ඉන් අනතුරුවය. දේශපාලන වේදිකාවේ ශ්‍රිමා නාමය ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසු කරළියට නොආවේය. ඊට හේතුවුයේ ඇය දේශපාලන වේදිකාවෙන් නිහඩවම බැස යාමය.

1994 ජනාධිපතිවරණයේදී ශ්‍රිමා දිසානායක මහත්මියට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 2715285කි. නමුත් එම ඡන්ද සංඛ්‍යාව එවර තරග කළ අනෙක් ප්‍රධාන අපේක්ෂිකාව වු චන්ද්‍රිකා කුමාරතුංග පැරදවීමට තරම් නොවීය.
සක්‍රිය දේශපාලනයෙන් ඇය සමුගත්තද ඇගේ පුතුන් දෙපලම දේශපාලනයට පිවිසුනෝය. වර්තමාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක එලෙස දේශපාලනයෙන් ගාමිණි දිසානායක චින්තනය පෙරදැරි කරගත්හ.

ඇයගේ දියණිය වරුණි තාරකා මහත්මිය දේශපාලනයට පැමිණියේ නැත. රටේ නායකත්වයට සුදුසු ස්වාමි පුරුෂයකු රටේ අවාසනාවට සමුගෙන ගිය පසු රටේ නායකත්වය ඉදිරියට ගෙනයන පුතුන් රැකබලාගනිමින් දියණියකට ඔවදන් දෙමින් ඇය 77 වැනි විය පසුවනතුරු මවකගේ භූමිකාවට පණ දුන්නාය. ඇය දෙනෙත් පියාගත් පුවත ඇසු ඇමැති නවීන් දිසානායක මහතා ෆේස්බුක් සමාජ ජාලයේ තැබු සටහනේ ඇත්තේ කදුලු අකුරුය. මේ එම සටහනයි.

දිවිමගේ අරුත පසක් කරදුන් ඔබට නිවන්සුව පතමි මෑණියනි
පියාණන්ගේ අකල් වියෝවෙන් අප හට නැතිවූ පිය සෙනෙහසේ අඩුව පිරවූ මෑණියනි, මා ඔබගේ වියෝව කෙසේ දරන්නද? ඔබෙගේ ගුණ කීමට හෝ ලිවීමට මෙගේ වෙවුලන දෑතට ඉකිබිදින හදවතට ශක්තියක් නොමැත. ඉතින් අවසරයි, උපදින සෑම ආත්මයකම ඔබේම පුතු වේවා!

අපි ද ඇයට නිවන් සුව පතන්නෙමු.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි