නවතම පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගම අභිමානවත් 40 වන සංවත්සරය සමරයි

අසංක

අසංක


ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ෂ 1979 සැප්තැම්බර් මස 1 වන දින එනම් මීට වසර 40 කට පෙර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් බැංකොක් වෙත පළමු පියාසර කිරීම අරඹමින් ජාතික ගුවන් සේවයේ ආරම්භය සනිටුවහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන ගුවන් ගමන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය එලෙස ආරම්භ වූ අතර එය ජාතික ගුවන් සේවයේ දශක හතරක නිහතමානී ගමනේ ආරම්භයද විය. ගුවන් සමාගමේ දශක හතරක මෙහෙයුම් සැමරීමේ විශේෂ උත්සවයක් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පැවැත් වූ අතර, මීට අදාල නිළ උත්සවය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කටුනායක ගුවන් සේවා මූලාස්ථානයේ දී ඊයේ (2) පැවැත්විණි.

අද වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ගෝලීය සම්මාන ලාභී ගුවන් සේවයක් බවට පත් වෙමින් සෑම වසරකම මිලියන ගණනක මගීන් රැගෙන යාම සිදු කරයි. එසේම ලොව විශිෂ්ටතම ගුවන් සමාගම් සමඟ සංඛේත හුවමාරු මෙහෙයුම් සිදු කරමින් රටවල් 48 ක ගමනාන්ත 109 ක මාර්ග ජාලයක් වෙත සිය මෙහෙයුම් සිදු කරයි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කර ඇති අතර එය ඉන්දියානු සාගර කලාපය සහ මාලදිවයින් වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම විදේශ ගුවන් සේවය බවටද පත්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ පරමාර්ථය වන්නේ ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවය බවට පත්වීමයි. එය අපගේ භූමියේ සහ ගුවනේ දශක හතරක පාරිභෝගික සේවයේ විශිෂ්ටත්වය මත පදනම් වන දෙයක්. ආරක්ෂාව පිළිබඳ තිබෙන විශ්වාසය මෙන්ම වෙලාවට වැඩ කිරීම සහ උසස් සේවාව සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගෙන තියෙනවා. ” යැයිද ඒ මහතා පෙන්වා දුන්න්නේය.
කීර්තිමත් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 160 ක ගමනාන්ත දහසකට අධික සංඛ්‍යාවක් වෙත සංචාරකයින් සම්බන්ධ කරයි. ගුවන් සමාගම සතුව ව්‍යාපාරික පන්තියේ සුව පහසු නිදන ආසන ඇතුළු නවීන පහසුකම් සහ විනෝදාස්වාදක පද්ධති වලින් සමන්විත නවීන එයාර්බස් ගුවන්යානා ඇණියක් ඇත. එමගින් ගෝලීය පිළිගැනීමට පාත්‍ර වූ ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය සමගින් ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක අත්දැකීමක් ලබා දේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වීමත් සමඟ තවදුරටත් සිය පාරිභෝගිකයන්ට ගුවන් යානා නියමිත වේලාවට පැමිණීම හා නියමිත වේලාවට පිටත්වීමේ හැකියාව උදා වනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමක් පමණක්ම නොවන අතර කොළඹට පියාසර කරන සෑම ගුවන් සමාගමකම මෙහෙයුම් සඳහා සහාය ලබා දීම සිදු කරයි, ශ්‍රීලංකන් ඔවුන්ටම ආවේනික වූ අද්විතීය වෙළඳ නාම සහ අනන්‍යතාවයන් සහිත සේවාවන් රාශියක් ගොඩනගා ඇත. ශ්‍රීලංකන් භූමිය හැසිරවීම අංශය යනු මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙක වෙත පැමිණෙන සියලුම ගුවන් සේවාවල මගීන් හැසිරවීම සිදුකරන අංශය වේ. ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අංශ සමඟ සමීපව කටයුතු කරන අතර මෙරට ආර්ථිකය සඳහා වඩාත්ම වැදගත් සැපයුම් සම්බන්ධතා එමගින් ඇති කරයි. ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය ආනයන, අපනයන, තැපැල් සහ තවත් බොහෝ දේ රැගෙන යාම සිදු කරයි. ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය BIA හි සියලුම ගුවන් සමාගම් සඳහා ඉංජිනේරු සහ නඩත්තු පහසුකම් සපයයි.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් හඳුන්වාදෙන ලද ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල කලාපය තුළ වඩාත් පිළිගත් ගුවන් පුහුණු පාසල බවට පත්ව ඇති අතර එමගින් සිසුන්ට ගුවන් සේවා දැනුම වර්ධනය කිරීමට අවස්ථා විවර කර ඇත. ශ්‍රීලංකන් හොලිඩේස් අංශය ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට සංචාරය කිරීම සඳහා සංචාරකයින්ට පහසුකම් රාශියක් සලසයි.

ශ්‍රීලංකන් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින්, BIA හි සියලුම ගුවන් සමාගම් සඳහා ආහාරපාන සපයන අතර එහි ඇති සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමි වී ඇත. එහි නවීන මුළුතැන්ගෙයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250 ක ව්‍යාපෘතියක් දියත් කරන බව මෑතකදී නිවේදනය කරන ලද අතර ඒ අනුව එහි නිෂ්පාදන ධාරිතාව දිනකට ආහාර 40,000 දක්වා ඉහළ නංවනු ඇත.
ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉතිහාසය පුරාම විවිධ අභියෝගයන්ට මුහුණ පෑමට සිදු විය. මෙරට ඇති වූ යුදමය වාතාවරණය සහ 2004 සුනාමි ව්‍යසන වැනි අවස්ථාවන් වලදී ශ්‍රීලංකන් ගුවන් සේවය ජාතික වගකීම ඉටු කරමින් සිය සේවා විශිෂ්ටත්වය පෙන්නුම් කර තිබේ. එහි ආසන්නතම අවස්ථාව වූයේ පසුගියාදා ඇති වූ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. බොහෝ ගුවන් සමාගම් වරින් වර සහ සමහර අවස්ථා වලදී වසර ගණනාවක් තිස්සේ කොළඹ වෙත සිය මෙහෙයුම් නවතා දමන ලදී. නමුත් ශ්‍රීලංකන් ගුවන් සේවය රටට ශක්තිමත් ගුවන් ගමන් ජාලයක් සැපයීම සඳහා අඛණ්ඩව උත්සාහ දරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගම සංචාරක කර්මාන්තය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කර තිබේ. දිවයිනට විවේකය ගත කිරීමට සංචාරකයින් ගෙන්වා ගැනීම සහ ව්‍යාපාරික ගමන් ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් සමාගමේ ගෝලීය අලෙවිකරණ ප්‍රයත්නයන් ඉමහත් ප්‍රතිලාභ ලබා දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමානයේ නව ව්‍යාපාර සැලැස්මක් දියත් කර ඇති අතර එමඟින් ගුවන් සමාගම කෙටි කාලයක් තුළ ලාභදායී තත්ත්වයට පත්කිරීම අරමුණු කර ගෙන ඇත.

විපුල ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපගේ කාර්ය මණ්ඩලය තමයි අපගේ ලොකුම ශක්තිය, ඔවුන් ශ්‍රීලංකන් හි දියුණුව වෙනුවෙන් වෙනස්කම් සිදුකරන ආකාරය අපි බලා සිටිනවා. ලබන වසරේදී අපි අහමඩාබාද්, කැලිකට්, කත්මන්ඩු, සයිගොන් සහ සිඩ්නි වැනි නව ගමනාන්ත එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ ජාලයේ ඇති හිඩැස් පියවා ගැනීම සඳහා අප්‍රිකාව, මැදපෙරදිග සහ ඈත පෙරදිග යන රටවල ගුවන් සේවා සමඟ සංඛේත හුවමාරු ගිවිසුම් වලට එළඹීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කරලා තියෙනවා. කාබන් විමෝචනය අවම කිරීම සහ ගුවන් යානා තුළ ඇති ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා අප කරන්නේ කුමක්ද යන්නත් ගැටළුවක්? අපගේ ගුවන් යානා බලඇණිය සඳහා ඉන්ධන ඉතිරිකිරීමේ පියවර ඇතුළු බොහෝ පිරිවැය ඉතිරි කිරීමේ වැඩසටහන් අපි දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අතරම, ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම, වෙළඳපොළ වෙනස් වීම සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි”.යැයි ඒ මහතා සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි