නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහල නගී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් මෙරට  ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය ලෙස  වාර්තාගතවී ඇත .

එසේම එම නොවැම්බරයේදී අඛණ්ඩව  හයවන මාසයටත් එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්ම වූ අපනයන වාර්තාවිය

අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 600ට සාපේක්ෂ ව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 553ක් දක්වා අඩු විය.

සංචාරක පැමිණීම් ඉහළ යෑමේ පැහැදිලි සලකුණු පෙන්නුම් කරමින්, පසුගිය මාසයට සාපේක්ෂ ව කැපී පෙනෙන වර්ධනයක් සමඟින් සංචාරක පැමිණීම් අඛණ්ඩ ව ඉහළ ගියේ ය.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේ ය.

මාසය තුළ අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයට රුපියල් 202ක පමණ මට්ටමක පැවතුණි.

වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 600ට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 553 ක් දක්වා අඩුවිය.

මේ අතර 2021 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,446ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 7,051ක් දක්වා පුළුල් විය.

වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය පුළුල් වීම සඳහා බලපෑ ප්‍රධාන අයිතම පහත රූප සටහනේ දැක්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී