නවතම පුවත්

ශ්‍රී ලංකාව එංගලන්තය පරදයි – වසර 20 ක් අපරාජිතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වසර20ක් පුරාවටම එංගලන්තය හමුවේ අපරාජිත සිටි වාර්තාව නැවත අලුත් කරන්න සමත්වුනා ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 232/9ක් රැස්කිරීමට සමත්වූයේය.

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් මෙම තරගයේදී ලකුණු අතරට පැමිණිමට සමත්වූ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් 85*, අවිශ්ක ප්‍රනාන්දු 49, කුසල් මෙන්ඩිස් 46 ලකුණු රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 82ක් රැස්කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළත් එය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ලසිත් මාලිංග 43/4, ධනංජයද සිල්වා 32/3 ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි