නවතම පුවත්

ශ්‍රී ලාංකාවේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයට නව ජීවයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාරිභෝගිකයින් වෙත වඩා ගුණාත්මක සේවාවක් සැපයීම මෙන්ම සිල්ලර වෙළඳාම් අංශය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය (SLRA) Shop for Sri Lanka නමින් විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් හෙට (01) සිට ආරම්භ කිරීමට නියමිතය .

මෙම ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ දී රටේ ප්‍රමුඛතම සිල්ලර වෙළඳ සන්නාම වෙතින් පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී ප්‍රවර්ධන සමගින් විශේෂ දීමනා පිරිනමනු ඇත.

මෙහිදී , ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ, ගෘහභාණ්ඩ, පාවහන් සහ උපාංග, විද්‍යුත් වාණිජ්‍යය, සෞඛ්‍යය සත්කාර සහ තවත් විවිධ අංශවල සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් බොහොමයක් මේ වැඩසටහනට එක්වනු ඇත.

මෙම ජාතික ප්‍රචාරණ වැඩසටහන දින 45-60 දක්වා කාලයක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය .

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 34% ක්,සඳහා දායකත්වය සපයන මෙම සිල්ලර වෙළඳ අංශය වාර්ෂිකව මිලියන 250කට අධික පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සඳහා සේවා සලසයි.

ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සිදත් කොඩිකාර මහතා පෙන්වා දෙන්නේ සිල්ලර වෙළඳාම ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි සියලු අංශවල ව්‍යාප්තව ඇති අතර එය රටෙහි ආර්ථික යහපත් භාවයෙහි පළමු පෙළ දර්ශකයක් වන බව යි.

“සිල්ලර වෙළෙඳ කර්මාන්තයේ රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ලකරනවා “එම නිසා එම අංශය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වනවා. මෙම නව ප්මේ‍රචාරක වැඩසටහන හරහා සිල්ලර වෙළඳාම් අංශයට නව ජීවයක් ලැබේවි . ” යයිද කොඩිකාර මහතා සඳහන් කළේය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?