නවතම පුවත්

ෂාෆිගේ නඩුව අහන මහේස්ත්‍රාත් ගැන අධිකරණ සේ. කොමිසමට පැමිණිල්ලක්!

අසංක

අසංක

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ නඩුව මෙහෙයවන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා පිළිබඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තු සූදානම් වන බව වාර්තා වේ.

ඒ මෙම නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම, ඔහුගේ බිරිඳ ද ප්‍රශ්නගත රෝහලේම වෛද්‍යවරියක ලෙස සේවය කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදාචාරාත්මකදැයි ප්‍රශ්න කිරීම සඳහායි.

මහේස්ත්‍රාත්වරයාගේ යැයි සැකකෙරෙන ෆේස්බුක් ගිණුමක මෙම නඩුව සම්බන්ධයෙන් පළ කර ඇති පෝස්ටු පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

එමෙන්ම මෙම නඩුවේදී විමර්ශනයට අදාළව මහාචාර්ය චන්න ජයසුමන හා වෛද්‍ය දොඩම්පහළ යන මහත්වරුන් මහේස්ත්‍රාත්වරයා විසින් නම් කිරීමද ගැටලුසහගත වී ඇත.

වෛද්‍ය දොඩම්පහළට එරෙහිව නීතිවිරෝධී ගබ්සා සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රහස් පොලීසියේ විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර එවැනි පුද්ගලයකු මෙම නඩුවේ විමර්ශන සඳහා පත්කිරීම සුදුසුද යන්න මෙහිදී ප්‍රශ්න කෙරේ.

චන්න ජයසුමන මහතා ද ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විෂයෙහි විශේෂඥයකු නොවන නමුත් මොවුන් දෙදෙනා විසින් සාක්ෂි ඉදිරිපත් වීමටත් පෙර, සිද්ධියේ මුලසිටම වෛද්‍ය ෂාෆි එය සිදුකළ බවට තහවුරු කරමින් සමාජ ජාල ඔස්සේ මත පළ කර තිබේ.

වෛරීසහගත අයුරින් පළ කර තිබූ එම පෝස්ටු හා මීට අදාළ මාධ්‍ය සාකච්ඡා සියල්ල ද විමර්ශකයන් විසින් ලබාගෙන ඇත.

මෙම විමර්ශනය සඳහා චන්න ජයසුමන හා දොඩම්පහළ වෛද්‍යවරුන් පත්කිරීම පිළිබඳ වෛද්‍ය සභාව ද දැනුවත් කරන බව පොලිස් ආරංචි මා‍ර්ග පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්