නවතම පුවත්

ෂාෆි නඩුව: උසාවියට එපා කියූ පරීක්ෂණය කුරුණෑගල ‌රෝහල් අධ්‍යක්ෂ ‌හොර රහසේ මව්වරුන්ට කරලා

අසංක

අසංක

කුරුණෑගල ‌රෝහල් අධ්‍යක්ෂවරයා විසින් වඳභාවයට පත්වූ බව කියන කාන්තාවන් ‌දෙනකු රහසිගතව ඒම ‌රෝහලේදී ඒස්ඒච්ජී පරීක්ෂාවට ලක්කර ඇතැයි අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්තම්න්තුව අනාවරණය කරගෙන තිබේ.

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට ඒරෙහි නඩුව අද කැදවූ අවස්ථාවේදී රහස් ‌පොලීසියේ ‌පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා විසින් අධිකරණයට ‌මේ බව දැනුම් දුන්නේ ය.

ඒම ‌පරීක්ෂණයේදී වඳභාවයට ලක්වූ බව කියන මව්වරුන්ට ඒවැන්නක් සිදුවී නැතැයි තහවුරු වීතිබෙන බව අධිකරණයේදී ‌හෙළිවී තිබේ.

ඒ් නිසා ‌රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට වැරදි ‌කරුණු දක්වමින් එම පරීක්ෂණය කළහොත් මව්වරුන් මියයාම ‌හෝ සංකූලතා ඇතිවන බවට පවසා ඒම පරීක්ෂණය පැමිණිලිකාර මව්වරුන්ට සිදුකිරීමට රහස් ‌පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලූ අවසරය ද වළක්වා තිබුණි.

පසුගිය අවුරුදු 5ක කාලය තුළ මව්වරුන්ට ඒස්එච්ජි පරීක්ෂණය සිදුකළ වාර්තා ‌රෝහල් 11කින් ලබාගැනීමට රහස් ‌පොලීසිය කටයුතු කර ඇත.

කුරුණෑගල ‌‌රෝහලෙන් ද ‌මෙම වාර්තාව ඉල්ලා සිටි නමුත් එය ‌නොලැබුණු බව රහස් ‌පොලිස් නිලධාරීන් අධිකරණයට දැන්වීය.

ඒම වාර්තාවලට අනුව ‌ගෙවී ගිය වසර 5 තුළ අදාළ ‌රෝහල් 11 මගින් ඒම පරීක්ෂණ කළ කිසිදු මවක් මියයාම් ‌හෝ සංකූලතා වාර්තා වී නැතැයි රහස් ‌පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

ඒම කාලය තුළ අදාළ ‌රෝහල් 11හිදී මව්වරුන් 9881 ‌දෙනකු ඒම පරීක්ෂණයට මුහුණ දී ඇත.

ඒ් අනුව අදාළ පරීක්ෂණය සිදුකළහොත් මව්වරුන්ට ගැටලු මතුවෙන බව පවසමින් ‌කුරුණෑගල ‌රෝහල් ‌වෛද්‍යවරයා වැළැක්වීමට අධිකරණයට වැරදි කරුණු දැක්වීම අධිකරණය ‌නොමග යැවීමක් බව රහස් ‌පොලීසිය ‌පෙන්වා දුන්නේ ය.

මේ අතර ‌ෙමෙම විමර්ශනය සම්බන්ධයෙන් ‌රෝහල් අධ්‍යක්ෂවරයා රහස් ‌පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ‌පොලිස් අධිකාරිවරයා විසින් රහස් ‌පොලිස් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.

ඒ් පිළිබදව ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රහස් ‌පොලීසිය අධිකරණයට දැන්වීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?