නවතම පුවත්

ෂැංග්‍රිලා බෝම්බකරුගේ විවාහයට ඇමතිලා දෙන්නෙක් ගිහින්

අසංක

අසංක

පාස්කු ඉරිදා දිනයේ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගලෝත්සවයට ඇමතිවරු දෙදෙනක් සහභාගිවී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී අද හෙළිවිය.

එම බෝම්බකරුගේ බිරිඳ වන්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක් තුළ සිය දරුවන් තිදෙනාද පොලිස් නිලධාරීන් සිව් දෙනෙක්ද මරාගෙන මැරෙමින් බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජිෆ්රි නමැත්තියයි.

එම බෝම්බකාරියගේ මව වන ෆාතිමා ෆරීඩා උම්මා මහත්මිය විසින් සාක්ෂි ලබාදීමේදී මේ බව අද හෙළිවිය.

එම ඇමතිවරුන්ගෙන් එක් අයෙක් රවුෆ් හකීම් මහතා යැයි ඇය මුලින් සදහන් කළාය.

ඒ ගැන කොමිසම නැවත නැවතත් කළ ප්‍රශ්න කිරීමේදී ඇය සදහන් කරන්නට වූයේ ඇමතිවරුන් කවුරුන්ද යන්න නමින් නිෂ්චිත ලෙස මතකයක් නැති බවය.

එහෙත් ඇමතිවරු දෙදෙනෙක් එම විවහා උත්සවයට සහභාගිවූ බව තමාගේ මතකයේ ඇතැයි ඇය සදහන් කළාය.

එම ඇමතිවරු දෙදෙනා සිංහල ඇමතිවරුන්ද මුස්ලිම් ඇමතිවරුන්දැයි කොමිසම විමසා සිටි අවස්තාවේදී ඊට පිළිතුරු දෙමින් ඇය සදහන් කළේ ඒ ගැන නිෂ්චිතවම සදහන් කරන්නට තරම් හැකියාවක් තමන්ට නැති බවයි.

සිය දරුවන් සහ සැමියා ඒ ගැන දන්නා බව තමන් විශ්වාස කරන බව ඇය කීවාය.

පංච පුද්ගල ජනාධිපති කොමිසන් සභාව අද රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුග අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී