නවතම පුවත්

සංඝරත්නයේ ආශිර්වාද මැද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 2022 නව වසර ආරම්භ කරයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2022 වසරට ආශිර්වාදාත්මක ආරම්භයක් ලබාගනිමින් නව වසරේ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිම පසුගිය 01 වන දා සණස ලයිෆ් ප්‍රධාන කාර්යාලය මූලික කරගනිමින් සංවිධානය කර තිබුණි.
ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ උත්සවය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිවයින පුරා පිහිටි සණස ලයිෆ් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාඛාවන් වෙත සජීවිව විකාශය කෙරුනු අතර සියළු දෙනා එකම න්‍යායපත්‍රයකට අනුකූලව මේ සඳහා සම්බන්ද වීම කැපී පෙනිණි.
ආගමික වතාවත් වලට මුල්තැන ලබාදෙමින් සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටී. කරුණාසේන මහතා , එහි ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා, එහි වැඩබලන සාමන්‍යාධිකාරී නිමල් පෙරේරා මහතා ඇතුළු සේවක සේවිකාවන් රැසක් එක්ව තිබූ අතර සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා සම්බන්ද වන ලදි.
මෙහිදී අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටී. කරුණාසේන මහතා , “2022 වර්ෂය අපිට ඉතා විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා. පසුගිය වර්ෂයන් වලදී වගේම මගේ බලාපොරොත්තුව හා ඒකායන ප්‍රාර්ථනය අපගේ ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා වගේම අපේ කණ්ඩායම ඉදිරියෙන් ඉදිරියටම ගමන් කිරීමයි. සණස සෑම විටම ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියාකරණ ආයතනයක්, අපගේ නායකතුමන්, ගරු ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන් අපට ලබාදුන් පන්නරය එයයි. මේ වසර අපේ ජයග්‍රහනයේ වසරයි.” යනුවෙන් ප්‍රකාශ කරන ලදි.
කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ මෙම වැඩසටහන අවසානයේ සමාගම් දෙකෙහිම වාර්ෂික ක්‍රියාකාරකම් සැලැස්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පිලිගැන්වීම ද සිදුවිය.
1991 ඔක්තෝම්බර් මාසයේදී සමස්ත ලංකා අන්‍යොන්‍ය රක්ෂණ සංවිධානය (ALMAO) යන නමින් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2003 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කරගත් අතර, ඉන් වසර දෙකකට පසු සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මක වීමේ බලපත්‍රයද ඒ වෙත හිමි විණි. මේ වසරේදී කොටස් වෙළඳපල ලැයිස්තුගත සමාගමක් බවට පත්වූ සණස ලයිෆ් අද වන විට මෙරට තරුණ පරම්පරාවට රැකියා අවස්ථා දහස් ගණනක් උදා කර දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී