නවතම පුවත්

සංචාරකයන් මිලියනයක් එනවා – සූදානම් වන්න – ජනපති කියයි

අසංක

අසංක

2022 වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා කියාසිටියේ කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමිනි.

වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිති.

එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයකි.

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බැවින් ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මඟින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ජනාධිපතිවරයා කීය.

සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරයේ දියුණුව මඟින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා 1966දී සංචාරක මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර 2005 වසරේ දී එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බවට පත් විය.

සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය, සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කළේය.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ.

ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.

යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් එය තවදුරටත් බිඳවැටීමට ලක් විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වේගවත් ප්‍රවර්ධනයක් සඳහා රජය සියලු පියවර ගෙන තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මත නැවත සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතී. ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබා ගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබා දීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණයන් ගෙන යමින් තිබේ.

එවැනි පසුබිමක වුව ද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතී. පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු ය.

මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමඟ සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්