නවතම පුවත්

සජිත්ගේ හුංගම සම්බන්ධිකාරකට ගැහුවේ එජාපයේම පිරිසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකාරකවරයෙකුගේ හුංගම පිහිටි නිවසකට බීමතින් කඩා වැදී   ඔහුගේ පියාටත් සහෝදරයාටත් පහරදී ඇත්තේ පොහොට්ටුවේ පිරිසක් නොව, එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් බව හුංගම පොලීසිය විසින් තංගල්ල පොලිස් අධීකාරීවරයා හරහා පොලිස් මූලස්ථානයට රහස් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම පහරදීම  පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාවලියක් ලෙස ඇතැම් අය හුවා දැක්වීමට උත්සහ ගත්තද එය එවැන්නක් නොව, අහඹු ලෙස සිදුවූ ආරවුලක් බවද එම රහස් වාර්ථාව් සදහන්වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.  

බීමත් එම පුද්ගලයින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධිකාරකවරයාගේ නිවස අසල නතර වී මදක් සිට ඇති බවත් එහිදී එක් පුද්ගලයෙක් නිවස ඉදිරිපිට මාර්ගයේ තිබුණු පුවරුවක් සවිකර ඇති යකඩ බටයක් අල්ලාගෙන වැනෙමින් සිට ඇති බවත් එම වාර්තාවේ සදහන්ය. එහිදී සම්බන්ධිකාරකවරයාගේ පියා නිවසින් පිටතට පැමිණ යකඩ බටේට හේත්තුවී සිටි බීමත් පුද්ගලයා සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් එය දුරදිග යාමෙන් පසු බීමත් පුද්ගලයින් එල්ලකරන ලද ගල් ප්‍රහාරයකින් පියාත් සහෝදරයාත් තුවාල ලබා ඇති බවත් එම වාර්ථාවේ සදහන්ය. 

එම පහරදීම මැතිවරණ සිදුවීමක් ලෙස සැළකිය නොහැකි බවත් ගමේ ගොඩේ ආරවුලක් බවත් වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇත. පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයින් එකම ගමේ පදිංචිකරුවන් මෙන්ම උදේ හවා මුණ ගැසෙන අය වූවත් තුවාල ලැබූ සම්බන්ධිකාරකගේ පියා ඒ අයව හදුනන්නේ නැති බව පොලීසියට සදහන් කර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. පොලිස් විමර්ශන වලින් ඒ අය කවුරුන්දැයි හදුනාගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඔවුන් මේ වන විට පොලීසිය මග හැර සැගව සිටින බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය. 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?