නවතම පුවත්

සජිත්ට ඡන්දය දුන් ජනතාවට රනිල්ගෙන් තුති

අසංක

අසංක

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පළකරයි.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියාසිටියේය.

නිවේදනය

මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බැලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මේ ගෞරවණීය ක්‍රමවේදය තවදුරටත් ආරක්‍ෂාවනු දැකීම අපගේ බලාපොරොත්තුව වන අතර, එවැනි පරිසරයක නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූ ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහ මාගේ ස්තූතිය පළ කර සිටිමි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසන් වනතුරු කැපවීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් ඇතුළු එම කාර්ය මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය සේවකයින්ටත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලූ පාර්ශ්වයන්ටත්, සාමය ආරක්‍ෂා කිරීමට සහය වූ සියලූම ජනතාවටත්, මාගේ කෘතඥතාව පළ කිරීම ද මෙය අවස්ථාවක් කර ගනිමි.

2019 නොවැම්බර් 18

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්