නවතම පුවත්

‘සණස’ ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් තවත් සමාජ සත්කාරයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා අනුරාධපුර තලාව ශ්‍රි ඥානෝදය පිරිවෙනෙහි වැඩ වාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා උදෙසා ඇඳන්, කොට්ට, මෙට්ට හා ඇඳ ඇතිරිලි ඇතුළු උපකරණ කට්ටල පූජා කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.

සණස මහා සංගමයේ මූලිකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කළ සණස නෙළුම් මල් පූජාවට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිණී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සභාපති ටී. කරුණාසේන, ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය, අලෙවි කළමණාකාර මහේෂ් වික්‍රමතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.

කොත්මලේ වටද්දර ශ්‍රී ඥානෝදය පිරිවෙණ යන නමින් 1880දී පමණ ඇරැඹූ මෙම විහාරය 1921 පෙබරවාරි 21 ලියාපදිංචි කර ඇත. 1980දී කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ඥානෝදය පිරිවෙණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. වර්තමානයේදී මෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා ගිහි දරුවෝ 110ක් පමණත්, දහම් පාසලේ දරුවෝ 600ක් පමණත් අධ්‍යාපනය ලබති.

පිරිවෙණෙහි වැඩ වාසය කරන්නා වූ සාමනේර භික්ෂූන් වහන්සේලා උදෙසා අංග සම්පූර්ණ කාමර 25කින් සමන්විත අංග සම්පූර්ණ භික්ෂු නේවාසිකාගාරයක් විවෘත කෙරුණු අතර එහි ඇඳන්, මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, මේස, පුටු ඇතුලු සියලු දෑ සණස ලයිෆ් විසින් පූජා කරන ලදී.

“දේශයක් විදියට ඉදිරියට යන ගමනේදී භික්ෂූන්ගේ කාර්යභාරය ඉතා විශාලයි. එය අන් කවරදාටත් වඩා දැන් අපට වැදගත්. මේ සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. සණස ව්‍යාපාරය ආරම්භයේ සිටම අපි හැකි පමණින් ආගමික මෙහෙවර සිදු කළා. සෑම අවුරුද්දක්ම අපි ඇරැඹුවේ අනුරාධපුර අටමස්ථාන වන්දනාමාන කිරීමෙන් අනතුරුවයි. ඉදිරියටත් සණස ව්‍යාපාරය මෙවැනි ව්‍යාපෘති සංවිධානය කිරීම සහතිකයි.” සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි