නවතම පුවත්

සන්නාම ජාතිකවාදය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( කුමාර ලියනගේ )

ලෝක සමාජ දේශපාලනික සංවාදවල කොතැනක හෝ branded nationalism – සන්නාම ජාතිකවාදය නමින් සංකල්පයක් ඇද්දැයි මම නො දනිමි. අන්තර්ජාලය පිරික්සුව ද එවැන්නක් සොයාගත නො හැකි විණි.

නව ලිබරල් යුගයේ සමාජය නම් වූ අවකාශය වෙළෙඳපළක් බවට පරිවර්තනය වනු දැකි ය හැකි ය. එහිදී සිදු වන්නේ කවර බුද්ධි මට්ටමක, වෘත්තීය තත්ත්වයක, විශිෂ්ටත්වයක සිටින්නෙකු වුව ද, මුදලට යට වීම ය.

වැඩවසම් යුගයේ සාම්ප්‍රදායික කුල ක්‍රමය බලවත් වුව ද, බලය ආරෝපිත සමාජයේ ආචීර්ණ කල්පික කුල සංකල්පය බැහැර වී සියල්ල උඩුයටිකුරු වූ අවස්ථා රැසක් මෙරටින් නිදර්ශනය කරගත හැකි ය. එක් අවස්ථාවකදී පට්ටි කුලය සමාජයීය මතු මහලට එළැඹෙන්නේ ඒ අනුව ය. අරක්කු රේන්ද කර්මාන්තකරුවෝ ද එවැන්නෝ වූ හ. කොළඹ 07, කුරුඳුවත්ත සම්බන්ධ ව ද එවැනි සමාජ පසුබිමක් තිබේ.

ඒ, රාජ්‍ය හෝ කර්මාන්ත බලය අනුව සමාජ බලතුලනය හැසිරෙන ආකාරය වේ. අප මෙහිලා සාකච්ඡා කරන්නේ මූල්‍ය බලය සහිත ව නව ලිබරල් සමාජයක චරිත නිෂ්පාදනය වන ක්‍රියාවලිය ය.

වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඉන්දියාවේදී  බලවත් සේ ගිලන් වී තිබුණු අතර, ඒ පිළිබඳ ව ආරංචි වී මහාත්ම ගාන්ධිතුමන් එතුමන් ගේ සුවදුක් බැලීම බැලීම සඳහා කුටියට පැමිණ තිබේ.

“ගාන්ධිතුමන් මා හමුවට පැමිණීමට පෙර, කිසිදු හෞතික ක්‍රියාවලියකින් තොර ව කුටිය පුරා ක්ෂණික ආලෝක ධාරාවක් පැතිරී ගියා. එලෙස මා දුටුවේ ගාන්ධිතුමන් ගේ ශරීරයෙන් නික්මුණු ඕරාව – aura බව මට ඒ මොහොතේ ම වැටහුණා.”

මෙවැනි අදහසක් මහචාර්ය සරච්චන්ද්‍රතුමන් විසින් ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙහි සඳහන් කරන ලද බව මට මතක ය.

මා ගේ ජීවිතයෙහි එවැනි ඕරා සහිත පුද්ගලයන් සහිත පුද්ගලයන් දැක නැතත්, අනපේක්ෂිත අවස්ථාවක විජය කුමාරතුංග ජන කොටසක් අතරට පැමිණෙන විට විසිරී යන කීර්ති රශ්මි ධාරාව, කිරුළපන සිද්ධාර්ථ මාවතේ දී, මවිසින් අත් දකිනු ලැබ ඇත්තෙමි.

නව ලිබරල් සමාජයක වෙළෙඳ මුදල් බලය සහිත පුද්ගලයා ගේ පාරිභෝගික ඕරාව – consumer aura ඊට නො දෙවැනි ය. ඔවුහු සමාජයේ විවිධ අවස්ථාවලදී අපට මුණ ගැසෙති. භෞතික වශයෙන් සංදර්ශනකාමී වන පාරිභෝගික ඕරාව සහිත මෙවැනි පුද්ගලයෝ ඇතැම් විට ජාතිකවාදියෝ ය.

කසිප්පු ජාවාරම්, අරක්කු තැබෑරුම්, හොර හරක්මස් කඩ, ගණිකා මඩම්, රේස්බුකි, පස්පිඩලි බිස්නස්, ටියුෂන් කඩ, කසළ තේ ව්‍යාපාර, මත්ද්‍රව්‍ය ප්‍රවාහන, කුලී මිනිස් ඝාතන, කුණුකඳු කප්පම්, වාහන මංකොල්ල, ගල්කොරි ජාවාරම්, බස් පර්මිට් ඔස්සේ උපයා ගත් අතිරික්ත මුදල් ආයෝජනය කර ඉතා පහසුවෙන් ජාතිකවාදියෙකු විය හැකි අවකාශයක් නව ලිබරල් වෙළෙඳ සමාජයේ තිබේ.

එහෙත් ලේබලයේ තිබෙන දෑ, අඩංගුවේ නැත.

ඇතැම් විට ජාතික ඇඳුම අඳින, රට ජාතිය ගැන පාරම් බාන, සංස්කෘතික වීරයාට අඳින, මේ ඊනියා ජාතිකවාදී චරිත, සන්නාම – brands බවට පත් කරන වෙළෙඳ දැන්වීම් කඩ රට පුරා තිබේ.

පැණිබීම, අයිස්පැකට්, කිඹුලා බනිස්, සෝයාමීට්, ටොයිලට් සෙරෙප්පු, ප්ලාස්ටික් පුටු, මිරිස්කුඩු, බ්‍රොයිලර් චිකන් වැනි මොවුන්, කවුරුන් විසින් හෝ මුදලට නිර්මාණය කරන ලද සන්නාම ජාතිකවාදීන් – branded nationalists බව සියල්ලෝ පිළිගනිත්වා !

KL/2022.05.14@gotagohome

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?