නවතම පුවත්

සම්පන්දන් අම්බානිගේ නියෝජිතයා සමග සජිත් හමුවෙති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණ උණුසම දිනෙන් දින ඉහළ යමින් තිබේ. සියලුදෙනා බලා සිටිනේන ප්‍රධාන පක්ෂවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් කවුරුන්ද යන්නයි.
ශ්‍රි ලංකා පොදුජන පරෙමුණ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හෝ පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ වුවද මෙතෙක් 2020 ජනාධිපතිවරණ සටනේ තමන්ගේ අපෙක්ෂකයා නම් කර නැත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට නොහැකිවීම නිසාය.
අගමැති රනිල් වික්‍රමසිංහ මෙතෙක් තමන්ගේ ජනපති සිහිනය හැර නොයෑම, සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු පසුපෙල මන්ත්‍රිවරුන්ගේ විරෝධය මතුවීම, චම්පික රණවක සම්බන්ධයෙන් එජාපෙන් එජාපයට එකගතාවක් නොමැතිවීම කථානායක කරු ජයසුරිය සහ නවින් දිසානායකගේ සීතල සටනට රනිල් පිළ සහ සජිත් පිළ සහය නොදැක්වීම මෙම අර්බුධයට හේතුවී තිබේ.
නමුත් නොනිල මට්ටමෙන් දැනට අසල්වැසි ඉන්දියාවේ සහය සම්බන්ධයෙන් ද අර්බුධයක් ඇතිව තිබේ. ඊට හේතුවී ඇත්තේ ඉන්දීය රජය, රෝ ඔත්තු සේවය, එරට මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ දක්වා සෙලෙවෙන තීන්දුවක සිටීමය.
රෝ ඔත්තු සේවයට වෙනදා ශ්‍රි ලංකාවේ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් සෘජුවම මුදල් ලබා දීමේ හැකියාව තිබිණි. ඇමෙරිකාව වැනි රටවල් මේ දක්වාම එවැනි කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් ව්‍යාපෘතිවලට ආවරණය වෙමිනි.
කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදි රෝ ඔත්තු සේවාව තමන් යටතේ පාලනය කිරීමට පටන් ගැනීමත් සමග විදෙස් රටවලට මුදල් යෙදවීමේදී අගමැතිවරයා දැනුවත් කිරීම කළ යුතු බව දන්වා තිබේ.
ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකට සෘජුව මුදල් ලබා දීමට රෝ ඔත්තු සේවයට හැකියාව නොලැබෙනු ඇත.
මේ තත්ත්වය මත මෙරට මහ කොමසාරිස් කාර්යාලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත්, එරට ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය අගමැති රනිල් වික්‍රමසිංහටත් සහය දක්වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
නමුත් භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) වැඩි සහයක් ලබා දීමට තීරණය වී ඇත්තේ ඇමැති සජිත් ප්‍රේමදාසටය.
මෙම රාජතාන්ත්‍රික රහස් තත්ත්වය හමුවේ මෙරට ඉහළම ප්‍රභූවරයෙකු තමන්ට ජනාධිපති අපේක්ෂකකමත් සජිත් ප්‍රේමදාසට අගමැතිධූරයත් ලබා දෙන වැඩපිළිවෙලකට මෙරට තවත් ප්‍රභූවරයෙක්ට බලපෑම් කරන්නැයි අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි.
නමුත් ඒසේ බලපෑමට ලක්විය යුතු ප්‍රභූවරයාද තමන්ටද ජනාධිපතිවරණ සිහිනයක් ඇතැයිද ඊට සහයෝගය පළ කරන්නැයිද ඉල්ලා තිබෙන නිසා ඉන්දියාව මෙම තත්ත්වය හමුවේ අසීරුතාවයට පත්ව තිබේ.
මෙවැනි දේශපාලනික අත පෙවීමක් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නොදරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල අදහසයි.
ඒසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හමුවීමට පසුගියදා ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ නියෝජිතයෙක් පැමිණියේය.
අසියාවේ ලොකුම කෝටිපතියා ලෙස සැලකෙන අම්බානිගේ නියෝජිතයා, සම්බන්ධන් සහ සජිත් ප්‍රේමදාස කොළඹ හිල්ටන් හෝටලයේදී හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම හමුවේදී සකාච්ඡාවට ලක්වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සමග දෙමළ ජාතික සන්ධානයේ සහය සහ ඊට වැයවන මුදල් සම්බන්ධයෙන් බවද එම ආරංචි මාර්ග සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි