නවතම පුවත්

සමාලෝචනයක් කරන තෙක් MCC අත්සන් කරන්නේ නෑ- නීතිපති උසාවියට දන්වයි

අසංක

අසංක

Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම් යළි සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් එය සිදුකරන තෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත දැනුම් දෙයි.

එම වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම  වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී මේ බව අවධාරණය කෙරිණ.

ඒ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය විසිනි.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී..බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.

ඒ අනුව පෙත්සම නැවත මාර්තු මස 25 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද නියම කෙරිණ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම්වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් විය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?